දුමින්ද දිසානායක,මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, විජිතමුණි සොයිසා යන අයට ඉදිරි මැතිවරණයකදී නාම යෝජනා නොදිය යුතුයැයි පොහොට්ටුව කියයි.

අදදින මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවති රජපක්ෂ ගේ නිවසේ පැවති ඒකාබද්ධයේ ප්‍රධාන පක්ෂ වල සියලු දෙනාගේ සහභාගිත්වයෙන් මෙය පැවැති විය.

සුලු වේලාවක් ඊට සහභාගි වු මහින්ද රාජපක්ෂ ඉන් අනතුරුව තංගල්ල බලා පිටත් විය. මෙහිදි පක්ෂයේ ඉදිරි කටයුතු පිලිබදව බැසිල් රාජපක්ෂ කතාකරමින් දැන් ඇතිවී තිබෙන තත්වය පිලිබදව තමා මුලින්ම කීවේ මෙවන් තත්වයක් ඇති උවහොත් කුමක කරන්නද කියාය.

ඒත් ඒ වෙලාවේ මහින්ද මහත්තයා දැඩි ස්ථාවරයක් සිටිය බැවින් දිගින් දිගටම තමා ඊට විරුද්ධ ව කතා නොකර සිටි බව හෙලි කලේය.

කෙසේ වෙතත් මින් ඉදිරියට අපිට විරුද්ධව ක්‍රියාකරන කිසිම අයෙකුට මැතිවරණ වලදී නාමයෝජනා නොදෙන බව ඉතාම දැඩිව ප්‍රකාශ කරන ලදි.

එහිදී දුමින්ද දිසානයක,විජිත මුණි සොයිසා,ලසන්ත අලගිය වන්න,මහින්ද අමරවීර යන අයට කිසි සේත් මැතිවරණවලට අපේ පක්ෂය තුලින් ඉදිරිපත් වීමට ඉඩ නොදිය යුතු බවට ප්‍රසන්න රණතුංග කීය. එය එක හෙලාම සිදුවිය යුතු බව විමල්,හා ගම්මන් පිල අනුමත කරමින් කතා කලේය.

මේ අනුව මෛත්‍රිව බලයට ගෙන ඒමට විශාල කැප කිරීමක් කල තමාගේම අයටද ඔහු ද්‍රෝහි වී ඇත.

Be the first to comment on "දුමින්ද දිසානායක,මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, විජිතමුණි සොයිසා යන අයට ඉදිරි මැතිවරණයකදී නාම යෝජනා නොදිය යුතුයැයි පොහොට්ටුව කියයි."

Leave a comment

Your email address will not be published.


*