මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පුටුවේ වාඩි කිරීමට ගිය පෙර ගමන් කරුවන්ට පන්න පන්නා පහර දෙන්නේ කවුද ?

රාජපක්ෂලා ගේ භිෂණ යෙන් අතෝරක් නැතිව බැටකෑ අය යන්තන් හුස්ම පොදක් ගත්තේ 2015 ජනවාරි 8 වෙනිදායින් පසුවයී. ලෝකයම රාජපක්ෂලා ගේ කෙරුවාව එදා දැන ගත්තේ මාධ්‍ය තුලිනි. එත් ඒ මාධ්‍ය ලංකාවේ පත්තර පඩංගු නන් නොවේ. විද්‍යුත් මාධ්‍ය මුලුමනින්ම රාජපක්ෂ ගුණ වැයුමට උදේ සිටම පෙලගැසී සිටියාය. ඒත් සිරස මාධ්‍ය වගකිම ඉටුකරමින් රාජපෂලාගේ ගුණ ගායණයට නොගියාය. එහෙත් රාජපක්ෂලාට පන්න පන්න පහර ගැසුවේ වෙබ් පුවත් පත්ය. සමාජ ජාලා මාධ්‍ය වලින් ඒ වනවිට රාජපක්ෂලාගේ දැඩි වෛරයට පත්ව තිබු ලංකා ඊ නිවුස් ගිනි තබා විනාශ කිරීමට ඔවුන් පසු බට නොවීය.
ඊ නිවුස් කතුරයා ජිවිතය බේරා ගැනිමට රටින් පිටවිය. ඒ වනවිට මෛත්‍රිපාල සිරිසේන හිටියෙත් රාජපක්ෂ ගේ තුරුල්ලේය. ලසන්ත මරාදමනකොට, එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් මරා දමනවිටත්, මාධ්‍ය ආයතන වලට ගිනිතියනකොට පොද්දල ජයන්ත්ලාට පහර දෙනකොට මෛත්‍රීපාල සිරිසේනලා එවාට හුමිටි තැලුවා මිස තම ඇමතිකම බල්ලට දමා රට වෙනුවෙන් තම සැප සම්පත් දමලා ගිහින් ඊට විරුද්ධව කටක් ඇරියෙ නැති බව ඔහුගේම හදවත දනී.
එහෙව් කෙනෙක් බව ජනතාව දැන දැන්ත් ජනාධිපති පුටුවේ ගෙන්විත් හින් දවුවේ රට ගැන සිතාය. ජනාධිපති වරයාගේ ආගමංයට පුදුමාකාර කැපකිරිම් කරපු අය පැතුවේ එක් දෙයයි ඒ ජිවත් විමේ අයිතිය තහවුරු කර රට ගොඩ නගන ලෙසයි. එදා රාජපක්ෂලා ගේ බලයට අභියෝග කිරිම යනු තමාගේ මිනිවල තමන්ම කපා ගැනිමක් බව ඒවාට මුහුණ දුන් අය ඉතා හොදින් දන්නා නමුත් මෛත්‍රිපාල ජනාධිපති වරයා නොදනී.
චන්ඩි මල්ලිගේ පුතා වන ඇඹිලිපිටිය ප්‍රදේශ සභා සභාපති ට්-56 ගිනි අවියක් සමග අසුවු විට ඒ පිලිබදව ප්‍රශ්ණ කරන අතර තුර පොලිස් නිලධාරින් දෙදෙනාට රෝහල් යන්නම පහර දුනි. ඒ බව දැනගත් එවකට රත්නපුර කොට්ඨාශ භාර ජේෂඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි (හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ) සැකකරු අත්වඩංගුවට ගැනිමට විශාල නිලධාරින් පිරිසක් සමග පුද්ගලිකවම පිටව ගිය වහාම ගොඨාභය ඔහු කැදවා තිත්ත කුණුහරුපෙන් බැන ඔහුගේ නිලයෙන් පවා එලවා දැමු බව රටම දනී. පොලිස් නිලධාරියෙක් වු ඔහු ඇති වු මරණ භය නිසාම රට හැර ගියාය.
නිතියේ ආධිපත්තිය තහවුරු කිරීමට නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෙසේ හෝ දිණවිය යුතු යැයි සිතා තම මරණය දැක දැක ජනාධිපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් පුවත්පත් සාකඡ්ඡා පැවැත් විය. ඒ හා සමානවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වරයා දිනවා රට රැක ගත යුතු යැයි කීවේ තුසිත හල්ලොලුවයි. ප්‍රිශාන්ත ජයකොඩිලා, තුසිත හල්ලොලුවලා රටට හඩගා කිවේ මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති කරවන ලෙසයි.
ඒ නිතියේ ආධිපත‍ය්‍ය හා නිදහසේ ජිවත් වීමටය. ඒත් අද සිදුව තිබෙන්නේ කුමක්ද ? එදා වගේම තුසිත හල්ලොලුවලා පස්සෙන් අදත් හදුනා නොගත් පොලිසිය ලුහුබදින බව දහදුක් විද පත් කරගත් මේ ජනාධිපති නොදන් නේද ? එහෙමනන් අහවල් කෙන්ගෙඩියකටද මේ ජනාධිපති පත් කරගත්තේ ජනතාව පැතුවෙ මෙවන් වෙනසක් ද ? මේවා ජනාධිපති නොදන්නේ නම් ඊට වහාම ඔහු මැදිහත් විය යුතුය. ඒ අයට වහාම සාධාරණය ඉෂ්ඨ විය යුතුය.

Be the first to comment on "මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පුටුවේ වාඩි කිරීමට ගිය පෙර ගමන් කරුවන්ට පන්න පන්නා පහර දෙන්නේ කවුද ?"

Leave a comment

Your email address will not be published.


*