දේශපාලකයා ගේ ගොදුරක් වීඇති පොලිසිය ඉන් මුදා ගැනීම

මේ වනවිට ශ්‍රි ලංකාව දේශපාලනික අස්ථාවර්ත්වයකට පත්ව ඇත.ඒ හා සමානවම ශ්‍රිලංකා පොලිසියද අයාලයේ යමින් ඇත. එක් පසකින් පොලිසිය දේශපාලනීකරණය වීමත් තවත් පැත්තකින් පොලිස් නිලධාරින් තුල අපේක්ෂා භංගත්වයකුත් ඇතිව තිබේ.

පොලිසිය නිකම්ම දේශපාලනිකරණය වුවා නොව පොලිසියේ පොලිස්පතිලා හා උසස් නිලධාරින් පොලිසිය දේශපාලකයා ගේ දෙපතුල ළඟ තැබුවාය. මෙහි අදීනව විදින්නේ පොලිස් නිලධාරින් පමණක් නොව සමස්ථ රටවැසියන්ම එහි අනිසි ප්‍රථිපල මේ වන් විට බුක්ති විදිමින් ඇත. මේ නිසාම පොලිසිය මේ වනවිට සමස්ථ් රට වැසියා ගේම ගැරහුමට ලක්ව ඇත.

පොලිස් නිලධාරින් ගේ නිලඇදුම තුලත් ජීවත් වෙන්නේ තවත් අම්මෙකු ගේ දරුවෙක්ය . රටේ ජනතාව ශාප කරන්නේ හා ගැරහුමට ලක් කරන්නේ අනේක වද වේදනා හා උසස් නිලධාරින් ගේ තාඩන් පීඩන වලින් යුතුව රාජකාරි කරන මිනිසුන්ටය. අනේක විදි ආර්ථික ප්‍රශ්ණ වලින් මිරිකී සිටිමින්ම ඒත් මොහොතකට ඒ සියල්ල අමතක කරමින් ජනතා ප්‍රශ්ණ වලට මැදිව ක්‍රියා කිරීම කිසිවකුත් අගය කරන්නේ නැත.

මේ වනවිට ශ්‍රි ලංකා පොලිසිය පිලිබදව ජනතාව තුල ඇත්තේ හොද ආකල්පයක් නොවන බව අපි පිලි ගනිමු. එසේම් පොලිසිය පිලිබදව පොලිස් සේවාවේ ඉන්න අයටද ඇත්තේ තම රැකියාව පිලිබද ආදරයක් ආශාවක් නොව බොහෝ විට වෛරයකි. එහෙත් ජීවත් වීමට වෙනත් හරියම්න් රැකියාවක් නොමති කමට සේවාව තුලම රැදී සිටිමින් වද වේදනා ඉවසා ඉන්න බව අමිහිරි උවත් අප පිලිගත යුතුය.

එදා පොලිසිය තුල ඒකාලීනව පැවති අධ්‍යාපන මට්ටම අනුව 8 වන පංතිය සමත් අයවලුන් සිටි බව සත්‍යකි. ඒත් අද පාර්ලිමේතුවේ අණ පනත් සම්පාදනය කරන සමහරක් මැති ඇමතිලාටත් වඩා අපේ නිලධාරින් උගත් යැයි පැසීමට හැකිවිම සතුටකි.

කෙසේ වෙතත් දවස් 365 ක් එක දිගටම රැකියාව කරන , කිසිදු වෘතීය අයිතිවාසිකමක්, නොමතිව හා කාල ගුණයක්, දේශ ගුණයක්, රැයක් දවාලක්,නොමති මෙවන් පොලිසියක් ලංකාවේම පමණි . යුරෝපයේ පොලිසිය තුල ප්‍රධානම නිලධාරින් ගේ මනසික තත්වය, හා අති නවීන පහසුකම් ඒ පමනක් නොව කිසිදු උසස් නිලධාරියකු ගේ බලපෑමක් නොමතිව සේවය ඉතාම සතුටින් කල හැකිය.

බ්‍රිතාන්‍යන් දුන් පොලිසිය අද වනවිට දේශපාලකයන් ගේ අත කොළුවක් වී ඇති බව අපි පිලිගත යුතුය. ශ්‍රි ලංකා පොලිසිය මීට කලකට පෙර ඉතාම ස්වාධීන නිදහස් ආයතනයක් වී තිබීඇත.

පොලිසිය තුලට දේශපාලකයා පැමිණියේ නැත. පුද්ගලික ලාභ ප්‍රයෝජන මත හිටපු පොලිස්පතිවරු දේශපාලකයා ගේ දෙපතුල ලඟට පොලිසිය රැගෙන ගිය බවට ඕනෑවටත් වඩා සාක්ෂී ඇත.

බාලසුරිය,වික්ටපෙරේරා,වික්‍රමරත්න,රාජගුරු, වැනි පොලිස්පතිවරු පොලිසිය නැමති උත්තරීතර ආයතනය දේශපාලකයා ගේ පාපිස්සක් බවට පත් කලෝය. ඒත් පොලිසිය විනාශ මුඛයට ගෙන ගියේ සාමාන්‍ය කොස්තාපල් ,සැරයන්,හා පරික්ෂක ශ්‍රේණියේ අයවලුන් බවට දොස් නගන්නේ ඔවුන් සත්‍ය පිලිගැනීමට ඇති භය නිසාමය.

නීතිය සැමට එකහා සමාන විය යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සදහන්ව තිබුණත් ලංකාව තුල නොමැත්තේත් එයම බව අපි දනිමු. ඊට හේතුව ප්‍රධාන වම පොලිසිය යැපෙන්ම්නේ දේශපාලකයා මත වීමයි. තමාට රුචි අරුචි කම් මත ,ලොකු බලගතු, මුදල් හා තාන්න මාන්න මත නිතිය උඩ යට යන බව ලංකාවේ නොරහසකි.

මෙයින් සිදුවන්නේ පොලිසිය තුල සිටින අවංක යුක්ති ගරුක නිලධාරින් කලකිරීමත්, මහජනයා පොලිසිය කෙරෙහි වෛරීය ආකල්පයෙන් බැලීමත්ය. පොලිස් නිලධාරින් රටේ පවතින නිතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට සැදීපැහැදී සිටියත් ඊට ඉඩ නොදෙන්නෝ කවරෙකුද යන්න පොලිසියේ සියල්ලවම ඉතාම හොදින් දනී.

බොහෝ උසස් නිලධාරින් ගැලවී යාමේ න්‍යාය මත සිටින නිසාම කුඩා පහල නිලධාරින්  නිතිය හා බලවතා ඉදිරියේ නිතිය ක්‍රියාත්මක කිරීමට මැලිකමක්  දැකිය හැක.

මෙන්න මේ නිසාම පොලිස්පති ගේ සිට රටේ නිතිය කිසිදු පක්ෂ ,පාට ,ජාති, ආගම්, උගත්, නුගත්, ඇති හැකි, දුප්පත් පෝසත් සියල්ලටම එකහා සමානව ඉටුකරලීමට ඔබට ශක්තියක් මෙන්ම ආරක්ෂක වලල්ලක් ලෙසට අප සංගමය ක්‍රියාකරනු ඇත.

රටේ පවත්නා නීතිය ක්‍රියා කිරීමට යාමේ දී ඔබට ඇතිවන බාධක හා නිතිය ඉටු කිරීම නිසා රැකියාවට ඇතිවන බාධක මෙන්ම වෙනත් නිති ප්‍රශ්ණ වලදී නිලධාරින් වෙනුවෙන් පුද්ගලිකවම මෙම සංගමය පෙනිසිට අවශ්‍ය කටයුතු කරනුඇත.

බ්‍රිතාන්‍ය සිට ක්‍රියාත්මක වෙන මෙම සංගමය ලෝකය පුරාම විසිරී සිටින කලක් ශ්‍රි ලංකා පොලිසියේ සේවය කරන ලද නිලධාරින් ගෙන් සැදුම් ලත් අන්තර් ජාතික සංගමයකි.

Be the first to comment on "දේශපාලකයා ගේ ගොදුරක් වීඇති පොලිසිය ඉන් මුදා ගැනීම"

Leave a comment

Your email address will not be published.


*