උතුරේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් නැති බව 100% විශ්වාසයි. අද පොලිස් නිලධාරින් ගේ මේ මරණ වලට මෛත්‍රි වග කිව යුතුයි.

ඊනියා ජාතිවාදය මතම තම මඩිය තදකර ගෙන ජනතාව ගේ ලේ උරා බීමට මාන බලන වීරවංශ්, ගම්මන් පිල්ල වැනි ජාතිවාදින්ට උඩ ගෙඩි දෙ දෙන කාලකන්නි අමන ජනපති මේ අහිංසක නිලධාරින් ගේ ජීවිත වලට වග කිවයුතුයි.

මේ වනවිට මෛත්‍රිපාල රටේ සේනාධිනායක පමනක් නොව ව්‍යවස්ථා විරෝධීව පොලිසිය භාර ඇමති වරයා වන්නේද මෛත්‍රිපාලය. එසේ නම එවනි වට පිටාවක් තුල දී මේ අහිංසක නිලධාරින් බිල්ලට ගත්තේ මෛත්‍රි ගේ පුර්ණ අනු දැනුම මත බව සක්සුදත් සේ පැහැදිලිය.

ජාතිය අමතන මෛත්‍රි සැම විටම කිවේ රට අස්ථාවර කලේ රනිල කියාය එසේ කියා සියලු බලතල භාරගත් තමා දැන් මේ සිදුවන සියල්ලටම වග කිවයුතුය.

මේ පොලිස් නිලධාරින් ගේ මිනිමැරුම් වලට දැනට රටේ රජයක් නොමති විටක හා රටේ සේනාධිනායක ලෙසට මෛත්‍රි වගකිව යුතුය.

මෙසේ අහිංසක පොලිස් නිලධාරින් මරා හෝ රට තුල බරපතල තත්වයක් මවා මෛත්‍රි මේ රටේ ඒකාධිපති පාලනයකට ගෙනියන බව ජනතාව දැන් පැහැදිලිවම තේරුම් ගත යුතුය.

මේ සිදුවීම් පිලිබදව වහාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දි පරික්ෂණයක් කල යුතුය.

Be the first to comment on "උතුරේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් නැති බව 100% විශ්වාසයි. අද පොලිස් නිලධාරින් ගේ මේ මරණ වලට මෛත්‍රි වග කිව යුතුයි."

Leave a comment

Your email address will not be published.


*