“හිතු මතේ ජිවිතේ “.තීරණ ගත් …. ජනාධිපති සිරිසේන අගවිනිසුරුට දැඩි සේ බලපෑම් කරනවා.

2015 ජනවාරි 08 දින යහපාලනය නැමති බැටළු හම පොරවා ගත් වෘක ගමරාළ ගේ දැන් හමගැලවී නියම වෘකයකු බව මේවන්විට මුළු ලොවම හදුනා ගෙන අවසන්ය.

ජනාධිපති පුටුවේ වාඩිවු දා පටන්ම රාජපක්ෂලා ගේ දුෂණ ගැන කී මොහු එක් වරම අංශක 360 කැරකුනේ දෙවන ජනපති සිහිනය බොදවු නිසාවෙනි.

තමාව අසුනේ හින්දවු සියල්ලටම පහර පිට පහර ගැසීය. ලංකීය දේශපාලනයේ එදා මෙදා තුර සිරිසේන තරන් ජනතාව ගේ වෛරායට පාත්‍රවු තවත් නම කෙනෙකු මිහිපිට නැත.

“හිතු මතේජිවිතේ  …”  සේ මෛත්‍රි ගේ රටපාලනයත් ඒ ආකාරයටම වීඇත.

ඒ නිසාම තමාට හිතුසේ එක් රැයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ජනතාව එලවාදැමු ඔහුම කියු පල්හොරෙකු අගමැතිකලේය. ඉන් නොනවතින සිරිසේන හා පිරිස ජනතා නියෝජිතයන්ට ලංසු තබමින් ඔවුන්ව මුදලට බිලිබා ගැනීමට විශාල වෙරක් දැරීය.

ඉන් නොනවතීව එක් වරම ජනතා පරමාධිපත්‍ය පිලිබිබු කරන පාර්ලිමේතුව කලතබන ලදි. එසේ කල සිරිසේන ජනාධිපති ගේ හිතුමතේ ජීවිතේ නියෝගවලට ජනතාව අභියෝග කලෝය.

රටේ නායකයා සර්ව බලධාරියකු නොවන වග කියා ජනතාව රටේ උත්තරතීතර අධිකරණයට ගියේ ජනතාව ගේ අයිතිය ඉල්ලාය. දැන් ජනතාව ඇස් ඇර බලන් ඉන්නේ අධිකරණය ජනතාව වෙනුවෙන් රටේ ජනතාව රැක ගනීවීයැයි සිතාය.

ඒත් රටේ උත්තරීතර අධිකරණයේ අගවිනිසුරුට තවත් ජ්නතාව ප්‍රතික්ෂේපකල සම-හරක් ලවා බලපෑම කිරීමට පටන් ගෙන ඇත. පසුගිය දිනක ජනාධිපති එක්තරා විනිසුරුවරියකට කතා කොට…….”ඔයා ඒ ටික සරත් එක්ක කතාකර ගෙන කරන්න …… ” යැයි කීවේත් කොන්ත්‍රත්තුව භාරදී ඇත්තේ රටම දන්නා පාහරයකුට බව කීමත අවශ්‍ය නොවේ.

මේ වනවිට මහින්ද ගේ එක් අඹුවක් ශ්‍රේෂ්ඨාදිකරණයේ සිටින නිසාම ඒ අඹුව සමග සම්පුරන විනිශ්චය මංඩලයක් පත් කොට ජනතාවට යුක්තිය වෙනුවට සිරිගේනගේ හෙළුව පෙන්නීමට නිතිපති උත්සහා කරන ආකාරය දැන් කරලියට පැමිණ ඇත.

කෙසේ වෙතත් තවමත් ජනතා බලාපොරොත්තු බිදවැටී නැත්තේ ඒ උත්තරීතර ආසන යේ හිදින්නේ ඇත්ත ඇති සැටි යෙන් ද , යුක්තිය අයුක්තික් නොකරන මහත්මයයකු අගවිනිසුරු ලෙසට සිටින නිසාය. ඔහුට ඇති එකම ශක්තිය ජනතාව ගේ ආශිර්වාදයම බව කිවයුතුය.

සිරිසේන දැන් තටමන් නේ අගවිනිසුරුට අවලාද මඩ ගසා සිරිසේන ගේ හිතුමතේ ජීවිතේ ගත් නිතිවිරෝධි තීරණ නිතියානුකුල කරගැනීමටය.

ඒත් ඒ ගැන ජනතාව පෙරට වඩා අවදි යෙන් සිටින බව හිතුමතේ ජීවත්වෙන කාලකන්නි සිරිසේනට අපඉතා වගකීමෙන් මතක් කරමු.

 

Be the first to comment on "“හිතු මතේ ජිවිතේ “.තීරණ ගත් …. ජනාධිපති සිරිසේන අගවිනිසුරුට දැඩි සේ බලපෑම් කරනවා."

Leave a comment

Your email address will not be published.


*