නාලක /නාමල් නාටකය හැදු මෛත්‍රි හා ගෝඨා එක්ව මහින්දව ගොනාට ඇන්දුවාද….?(ඝාතන කුමන්ත්‍රණයේ ඇත්ත )

මේ වන විට ලෝකයා ගේ දැඩි කතාබහට ලක්ව ඇත්තේ ලංකා දේශපාලනයයි.

ඒත් ඊට පසු බිම සැකසු කුමන්ත්‍රණ කරුවන් තැන්තැන් වල කරන කියන දේ පිලිබදව මෙම ලියුම් කරු ඉතාම වගකීමෙන් හෙලිකරන්නේ මෙම කුමන්ත්‍රණය ඇත්ත කතාවය.

සති කීපයක් තිස්සේ සමාජයේ දොලනය වීමට ඉඩ හැරි ජනපති හා ගෝඨා ඝාතනයේ ප්‍රධාන හෙලිදරවුව කල “නාමල් කුමාර ” නැමැත්තා එක් වරම කරලියට පැමිණෙන්නේ දුෂණ විරෝධි සංගමයේ ප්‍රධාන කැද වුම් කරු කියාය.

එහෙත් 2015 සිටම මෙවැන්නෙක් දුෂණ විරෝධි පෙරමුණක සිටියාදැයි දන්නේත් ජනාධිපති ලේඛම් කාර්‍යාලයම පමණි. මොහු ජනාධිපති භාරයට අයත් ජනාධිපති මත්ද්‍රව්‍ය කාර්‍ය්ය සාධන බලකායට අයත් පඩිලබන තාවකාලික බදවාගත් අයෙකු බැවිනි.

එසේම මෙම නාමල කුමාර යන්නෙකු කිසිම “පොලිස් ඔත්තුකරුවෙකු ” නොවන බවට පොලිස් මුලස්ථානයේ ඇති සියලුම අංශ වල නිඅලධාරින් සාක්ෂි දරණ් අවා ඇත.

පොලිස් ඔත්තුකරුවන් වෙනුවෙන් මුදල් ගෙවන කිසිදු තැනකින් කිසිදු ගෙවීමක් කර නැත. මොහු තනිකරම නාලක සිල්වා ගේ ඉත්තෙකි.

මොහුගෙන් අපරාධ පරික්ෂණ දෙපාරතමේන්තුව ප්‍රශ්ණ කලවිට මොහු ඒ බව සනාථ කොට ඇත.

කවුද මේ නාලක සිල්වා…..???
එසේම සමස්ථ පොලිස් දේපාර්තමේන්තුවේම අසුජි තැවරූ කුඨප්‍රකාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පොලිස්දෙපාර්තමේන්තුවට එන්නෙම පොලිස් නිලධාරියකු ලෙසටබදවාගතයුතු අවම ප්‍රමානයේ උසවත් නොමතිවය.

උස අඩි 5.5″ තිබිය යුතු උවත් මොහුට ඇත්තේ අඩි 5.අඟල් 03 ක් පමණි. ඔහු සහකාර පොලිස් අධිකාරි නිලයට බදවා ගන්නේම ගෝඨා ගේ පුදිගලික ඥති සම්බනදයක් මතය.

ගෝඨා ගේ ඉතාම කිට්ටුවන්තයකු වන නාලක සිල්වා වරෙක මගේ මිතුරෙකු කියා සිටි යේ නාලක හා ගෝඨා ගසත් පොත්තත් ලෙසය.

ඊට හොදම පැහැදිලිම සාක්ෂිය නම නාලකසිල්වා යනු රාජ්‍ය බුද්ධි අංශය භාරව සිටීමත් රාජ්‍ය ඔත්තු සැපයීමත් ඔහුවෙතට පෑවරාතිබීමය. රටක් බුදිධි අංශය භාර දෙන්නේ ඒ රාජ්‍යයේ ඉතාම කිට්ටු වන්ත අයවලුන්ට බව කීම අවශය නොවන්නේ එය පාසැල් දරුවන් පවා දන්නා කරුණකි බැවිනි.

එසේ නම් දැන් නාලක සිල්වා හසුරවන්නේ මෛත්‍රි හා ගෝඨා බවට තවත් සාක්ෂි උවමනානැත.

නාමල් කුමාරත් නාලකත් හමුවුබව දන්නේ මෛතේ හා මෛත්‍රි ගෝඨා,ශිරාල් ලක්තිලක වැනි උන්ය. නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුලදී ප්‍රශ්ණ කරන අවස්ථාවලදී ඒ පිලිබදව කරුණු විමසීමට ශිරාල ලක්තිලක අවස්ථා කීපයක්ම කතාකොට ඇත.

මෛත්‍රි ගේ ඝාතන කුමණ්ත්‍රණය වෙනුවෙන් නාලක සිල්වා හිතාමතාම රිමාන්ඩ් වෙන්නේ ඇත්තෙන්ම කිසිම හෙත්වක් නැතුවය.

එක් පොලිස් නිලධාරියෙකුට මොහු කියා සිටින්නේ …” බී රිපෝට් එකක් ගහලා මාව ඇතුලෙ තියනවා කො ටිකදවසක් එතකොට ඔක හරියයි …” කියාය. ඒඋනාට එහෙම බෑඅනේ සර් අන්තිමට අපිනේ ඔවට පරිප්පු කන්නේ ” නෑ මම උබලව බලා ගන්නව …

මෙයි වික්ෂිප්තවු   පොලිස් අධිකාරිවරයා නාලක ගේ ප්‍රකාශ ලියා යන්න ඉඩ හරී.

ඒත් එක් වරම පසුදා ජනාධිපති ලෙකම් කාර්‍යාලයෙන් ලද නියෝග අනුව පොලිස්පති නාලකව අතවඩංගුවට ගැනීමට නියෝග කරන්නේ කිසිම අත්වඩංගුවට ගැනීමේ අවශ්‍ය තාවක් නොමතිවය.

නාලක සිල්වා රිමාන්ඩ් වුපසුව ඊයේ දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයට දුරකතන ඇමතුමක් ලැබුනි.

එයට ඇමතු ජේලර්වරයාට දැන් වුයේ ජනාධිපති තුමා දුරකථනයට එන බවත් නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිව සම්බන්ද කරන ලෙසය. එකවරම එය ඉටු විය මේ වනවිටත් නාලක සිල්වා සිටින්නේ ඉතාම සුව පහසු ඇති “නමට හිරේ” නැමති කාමරයක් තුල ය.

පැය 2කට ආසන්නව මෛත්‍රි භාවනාවේ යෙදුනා සේ මෛත්‍රි නාලක දුරකතන සංවාදය ලැවු ගින්නක් සේ රිමාන්ඩ සිර කදවුරම පැතුරුනි. ඒත් රටේ අධිකරණ ඇමතිනිය බුදිය.

දුරකතනය විසන්දිවිය ඉන් නාලකට අවශ්‍ය උපදෙස් ලැබුණි.ඊට පසුව එක් වරම මෛත්‍රි/ මහින්ද නාටකයට තිරේ ඇරුනි. මහින්දව අගමැති කලේය.

ඊළඟට එක්වරම පතවන්නේ අගමැති ලේකම්ය. ඔහු පත් කරන්නේත් මෛත්‍රිය ඒ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගේ පවුලේ හිතවතෙකි. ඔහු එස්. අමරසේකරය. ….දැනට මොහුව තියාගන්න ඔබතුමාට ඔනිකෙනා පස්සේ පත්කරගන්න …මේ මෛත්‍රි නාටක අධ්‍යකෂක ගේ ඉල්ලීමය.

අමරසේකර පවුලේ “ලසන්ත ” හා නාලක එකම උපාධියක් ගැනීමට ඉන්නේ ඉන්දියාවේ එකම කාමරයකය. වසර ගනනාවක් අමරසේකර හා නාලක පවුල් දෙකම ඉතාම හොදම මිතුරන් බව දන්නේ අවට අසල් වැසියන්ය.

නාලක සිලවා ගේ නාටකය නිමාවන්නේ අවසන් ජවනිකාවට දැන් පැමිණ් ඇත.

ඒ ගෝඨා ගේ හා මෛත්‍රි ගේ එකගතාව  මත නාලක ඉතාම නුදුරු දිනයකදි අධිකරණය තුල දී මහේත්‍රාත් වෙත ඉතා රහසිගත ප්‍රකාශයක් දීමට නියමිතය.
ඒ ප්‍රකාශය මෛත්‍රි හා ගෝඨා මැරීමට ෆීල්මාෂල් ෆොන්සේකා, මංගල සමරවීර හා රනිල් වික්‍රමසිංහ යන අය සම්බන්ද බවට හා ඔහුට ඒ සදහා බලකල බවට ප්‍රකාෂ කිරීමට නියමිතව ඇත.

මේ නාටකය ඇත්තෙන්ම මහින්ද නොදන්නා බව මෙම ලියුම් කරු තරයේ විශ්වාසකරනු යේ මහින්දට අවශ්‍ය බලය ජනතාව හරහා මැතිවරණය තුලින් ගැනීමට බවත් මැතිවරණයකදී රටේ නුගත් ජනතාව මහින්ද දිනවන බව දන්නා නිසාතය.

මේ නාටකය පිලිබදව පොලිස්පති දැන සිටියාද ? නො එසේ නම් නොදන්නා සේ සිටියා දැයි ජනතාවට මහත්ප්‍රෙහෙලිකාවකි.

 

කෙසේ වෙතත් දැන් සිදුව ඇත්තේ මහින්දත් මෛත්‍රි හා ගෝඨා ඒක්ව කැපු වලක වැටුන බවකි.

නාලක ,නාමල් නාටකය නිමාවන්නේ ජනතාවත් රටත් ලෝකයා ඉදිරියේ අවමානයටත් අවිශ්වාසයටත් පතකරමින් බව පල්ලෙවත්තේ ගමරාළ නොදන්න නි සාම තවත් වැඩියෙන් පත්තර, ටී.වී බැලුවොත් දැන ගත හැකිය.

Be the first to comment on "නාලක /නාමල් නාටකය හැදු මෛත්‍රි හා ගෝඨා එක්ව මහින්දව ගොනාට ඇන්දුවාද….?(ඝාතන කුමන්ත්‍රණයේ ඇත්ත )"

Leave a comment

Your email address will not be published.


*