ලංකා දවසේ සිකුරාදා……….ජනතාව හාමතේ ඒත් …….. මෛත්‍රි ගේ රත්තරං රේල් පාරේ සිල්පර්කොටන් දෙකක් අතර වියදම කෝටි 2ක් මුළු වියදම රුපියල් කෝටි 16,682.67 යි.

කෝටි 16600ක් වියදම් කොට දැන් පොලොන්නරුවේ අහිංසක ජනතාව ඉල්ලනනේ රේල්පාරවල් නොව. උන්ට බඩට යමක් කාදැමීමට හැකි ආර්ථිකයකි.
එක් පැත්තකින් රනිල් සමනලයන් පිරිවරාවිත් රටක් ගිලදැමු මොහොතක තවත් ඊට නොදෙවනි අපරාධයක් කිරීම මේ මහ පොලව නුහුලනු නොමැත.

 

ලංකා ඉතිහාසයේ ඇති සියලුම දේශපාලකයන් ගේ නින්දිත හොරාකෑම් අභිබවා ගෝ ඇති මෛත්‍රි ගේ ගසා කෑම් මේ වනවිට පලමු තැන හිමිකර ගෙන ඇති බැව් ලාංකීය නිතිගරුක පුරවැසියනට ඉතාම කනගාටුවෙන් මතක් කරමු.

වරින්වර,කාලෙන් කාලෙට ජනතාව ගොනාට අන්දන සීනිබෝල දී රටේ සල්ලි හොරා කෑම දේශපාලකයන් ගේ එක්තරා සුදුවකි. හම්බන්තොට,මාගම්පුර, ගොඩනැගීම මෙන්ම මෛත්‍රිපාලගේ පිබිදෙන පොලොන්නරුව මින් ප්‍රධාන තැනක් ගන්නා ඒවාය.

මේවනවිට පොලොන්නරුවේ ජනතා මුදල් වැයකොට හදන සෑම දෙයක්ම යායුත්තේ චතුරිකා ,තිලින හරහාය.මේ ආකාරයට හබරණ පොලොන්නරුව දුම් රිය මාර්ගයේ එක් සිල්පර් කොටයක සිට අනික් කොටයට රුපියල් කෝටි 02 මුදලක් වැයකිරීමට චීන සමාගමකට මෛත්‍රිපාල අනුමැතිය දී ඇත.

මේ චීන සමාගම තිලිණ බෑන්නාට කොමිස් කුට්ටියක් යන සමාගමකි. දුම් රිය දෙපාරතමේන්තුව තුල සිටින ඉතාම තීක්ෂණ කාර්මික නිලධාරි සිටියදීත් චිනුන්ටම මේවා ද්න්නේ මෛත්‍රි ගේ බෑනාට ගසාකෑමට අවස්ථාව ලබාදීමට බව අපි ඉතාවගකීමෙන් ප්‍රකාෂ කරමු.

හරියටම තවත් සති 49 ඉවර කොට රටත් ජනතාවත් විනාශ කර පිටව නොයෑමට මාන බලන මෛත්‍රි වෙතට තවත් ආප්ප දික් කිරීමට තරන් රාජපක්ෂලා මොඩදැයි අපි නොසිතමු.

මෛත්‍රි පාල යනු මේ ලෝකයේ බිහිව ඇති කන්නදුන්න අත සපාකන වෘකයෙකු බව ලොවට පසක් කර හමාරය.

කෝටි 16600ක් වියදම් කොට දැන් පොලොන්නරුවේ අහිංසක ජනතාව ඉල්ලනනේ රේල්පාරවල් නොව. උන්ට බඩට යමක් කාදැමීමට හැකි ආර්ථිකයකි.
එක් පැත්තකින් රනිල් සමනලයන් පිරිවරාවිත් රටක් ගිලදැමු මොහොතක තවත් ඊට නොදෙවනි අපරාධයක් කිරීම මේ මහ පොලව නුහුලනු නොමැත.

කෝටි 16600 ක තරන් මුදලක චින සමාගමකට දීමෙන් ඇතිවන ප්‍රථිඵල මේ වනවිටත් රටේ මහබැංකුව පවා මෛත්‍රිට දැනුම් දී තිබුනත් ඊටවඩා දුව ගේ හා බෑනා ගේ කොමිස් කුට්ටිය මෛත්‍රිට වටී.මේ නිසාම පසු ගිය 14 වන දින මේ ගසාකෑම කැබිනට් මංඩලයට දමා අනුමත කොට ඇත.

ඉන්දියාවෙන් මෛත්‍රිට අවවාද ……;

පච දේශපාලනයේ යෙදෙන ලාංකික දේශපාලකයන්ට කණ කොකා හඩන එකම තැන ලංකාවේ මීහරක් විදේශරටවලත් ඉන්නේ යැයි සිතා විවිධාකාර ප්‍රකාශ නිකුත් කොට තමනුත් රටත් ලැජ්ජහවට පත්කිරීමයි.

ඊට පසු ගිය කාලයේ ඕනෑඅතරන උදාහරන තිබුණ්ත් ඊයේ පෙරෙදා ඇති වු සිද්ධිය ලොවම මවිත විය.

ඒ ඉන්දියානු රෝ රහස් ඔත්තු සේවය ලංකාවේ මෛත්‍රිපාලව මරාදැමීමට කුමන්ත්‍රණය කරනවායැයි රටේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනම ප්‍රකාශ කිරීමයි.

ජනාධිපති මෛත්‍රි මේ කතාව ජනතාව ගේ අනුකම්පාවක් දිනාගැනීමට කීවායැයි සිතුවත් රටක රාජ්‍ය නායකයෙකු මරාදැමීමට තවත් රටක බුද්ධි සේවාවක් කටයුතු කරනවායැයි කීම ඒරටට කරන ප්‍රභල චෝදනාවක් වනබව වත් බුද්ධිය නොමේ රූ මෛත්‍රිපාල සිරිසේන නොදන තිබීම මහත් විහිළුවකි.

මේ ප්‍රකාශ යේ බරපතල කම කොතෙක් දැයි ජනධිපති මෛත්‍රිට දැනුනේ ඉන්දියාවෙන් ලද දුරකථන ඇමතුමත් සමඟය.ඒ වෙලාවේ මෛත්‍රිට උන්හිටි තැන් අමතකවිය. තමා එවැන්නක් නොකිය බවත් වහාම ඉන්දියාවෙන් සමාව ඉල්ලීය.

මෝදි අගමැතිවරයා ඉන්දියානුවන් වෙනුවෙන් මිස ඔහුගේ පවුල වෙනුවෙන් තබ සතයක් දෙයක් කල බවක් අපි මාධ්‍යක් ලෙසට අසා නැත. නේරුලා, ගාන්ධිලා ,මෙන්ම නොමෙකන නමක් තැබු ආසියාවේම ගෞරවාධරයට පත් ප්‍රභලම චරිතයක් වු මෝදි අගමැතිවරයා ලංකීය ජනතාව වෙනුවෙනුත් ඉතාම සුවිශේෂ කාර්‍ය්‍ය්යක් ඉටුකල ,ඉටුකරන අයෙකි.එවනි නායකයකු අල්ලා සිදුකරන වැදගැම්මක් නැති ප්‍රකාශ නිසා ලාංකිය ජනතාවට අසල්වාසි කලණ මිතුරකු අහිමිවීමය.

මේ වනවිට රටම අස්ථාවරව ජනතාව ඉතාම වේදනාබරව තම ජීවිතය ගෙනයන නමුත් ඒ බවක් රටේ පාලකයන්ට නොවැට හේ.

උන් සියලු වෙර වීරිය යොදන්නේ තියන බලය රැක ගැනීමට හා අහිමිවුවන් නැවත බලය ලබාගැනීමට මිස තවත් ජනතාව වෙනුවෙන් හෝ රට වෙනුවෙන් නම් යමක් කිරීමට නොවන බව දැන්වත් ජනතාව තේරුම් ගත යුතුය.

අජිත්

Be the first to comment on "ලංකා දවසේ සිකුරාදා……….ජනතාව හාමතේ ඒත් …….. මෛත්‍රි ගේ රත්තරං රේල් පාරේ සිල්පර්කොටන් දෙකක් අතර වියදම කෝටි 2ක් මුළු වියදම රුපියල් කෝටි 16,682.67 යි."

Leave a comment

Your email address will not be published.


*