මහින්ද – මෛත්‍රි එක්වීම ස්ථිරයි.බැසිල් ගේ කොන්දෙසි අනුව පොලිස්පති ජේ.නි.පො.ප එස්.එම් .වික්‍රමසිංහ පත් කිරීමට මෛත්‍රි එඟවෙයි.

ඒ සමඟම එස්.බී ගේ බිරිද හඩනගා ඉහළ මාලයේ සිටි එස්.බීට මහින්ද පැමිණියා යැයි කීසැනින්ම මෛත්‍රි ඉදසිටි පුටුවෙන් ඉබේටම නැගිටුනේය. …”ඔබතුමා වාඩිවෙන්න …” කියන විටත් මහින්ද ප්‍රතාපවත් සිංහයකු ලෙසට මෛත්‍රි ළගට පැමිණ අවසන්ය. හා…හා…ඔබතුමා වාඩිවෙන්න මහින්ද කියනවිටත් ඉතාම බයාදු ගතියෙන් සිටි මෛත්‍රිව වාඩි කරේ මහින්දය.

බොරුකාර දේශපාලකයන් ජීවත් වෙන රටක් තිබේ නම් ඒ ලෝකයෙන්ම ලංකාවේ පමණි. මෛත්‍රි ජනාධිපති තනතුරට පත්වන්නේ රටේ හෝ ජනතාවට මහින්ද ගෙන් සිදුවු

අසාධාරණයක් නිසා නොව තමාගේ අගමැති සිහිනය ඉටුකර ගැනීමට කිසිදවසක මහින්දඉඩ නොදෙන බව දැනුන නිසාය.

ඒ වෙනවිට රට තුල ගොඩනැගෙමින් තිබු රාජපක්ෂ විරෝධය හමුවේ මහින්දලාගෙන්ම කෙනෙක් ඩැහැගැනීමට මානබැලු විට චන්ද්‍රිකා රනිල්ට කීවේ ඒ වගකීම ” මම භාර ගන්නවා ” කියාය.

සෝභිත නායක හාමුදුරුවන් එක එල්ලේම  චන්ද්‍රිකා ගෙන් ඇසුවේ ……… ” අපි කොහොමද මේ රටට මෙලෝ දෙයක් කරලනැති මිනිහෙක්ව විශ්වාස කරන්නේ කියාය. ” එසේ අනාගතය දකින්න තරන් උන්වහන්සේට තිබු බුද්ධියට නිගා කිරීමට තරන් මෛත්‍රිපාල ජනාධිපති නින්දිත්යෙකු වුයේ ඩිලාන් නැමති ජනතාව පැන්නු පාහරයකු නැවත පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන්ය.

අවසානයේ දැන් සිදුව ඇත්තේ රටක් විනාශ කල ජනතාව එලවාදැමු “රාජපක්ෂලාගේම ” දෙකකුල ලඟ මෛත්‍රි නැවතීමයි.

මෛත්‍රි ජනතාව වෙනුවෙන් එදත් අදත් කිසිවක් නොකල නිකමෙක් බව මුළු ලොවම දනී. දැන් මෛත්‍රිට දෙලොව පොල්පෙනිලා දඟලන්නේ තමා ගේ බලය තවත් මාස කිපයකින් නැතිවෙන බව දැනීය. 62 ලක්ෂයක් චන්දය දුන් ජනතාවට අසීමිත් බොරු බේගල් කියා හොරු සමඟ තමන් යහන් ගත වු බව මේ වනවිට හෙලිවී හමාරය.

එස්.බී.ගේ ගෙදරට මෛත්‍රි ගියේත් එස්.එම්.වික්‍රමසිංහ එක්කම බව මේවනවිට පොලිස්පති පවා දනී. එස්. බී ගේ නිවසේ සිටි ආරක්ෂකයන් ඉහලමාලයට පැමිණ පලමුවම බිරිද තමරාට දැනුම් දී ඈත්තේ මහින්ද නිවසට පැමිණි බවය.

ඒ සමඟම එස්.බී ගේ බිරිද හඩනගා ඉහළ මාලයේ සිටි එස්.බීට මහින්ද පැමිණියා යැයි කීසැනින්ම මෛත්‍රි ඉදසිටි පුටුවෙන් ඉබේටම නැගිටුනේය. …”ඔබතුමා වාඩිවෙන්න …” කියන විටත් මහින්ද ප්‍රතාපවත් සිංහයකු ලෙසට මෛත්‍රි ළගට පැමිණ අවසන්ය. හා…හා…ඔබතුමා වාඩිවෙන්න මහින්ද කියනවිටත් ඉතාම බයාදු ගතියෙන් සිටි මෛත්‍රිව වාඩි කරේ මහින්දය.    වාඩිවු විටම මේවා එලියට යන්නේ නෑනේ …එස්.බී……. මෛත්‍රිට ඹ්නිඋනේ හොර රහසේම මෙය නිමාකොට පැනයාමටය.

ඒත් මේ වනවිට මහින්ද ඉතාම සුක්ෂමව සියල්ලම හෙලිකොට මෛත්‍රි නැමති නිවට ජනාධිපති වරයා ජනතා ද්‍රෝහියකු බව ජනතාවට හෙලිකොට හමායයි.

නිතිය වෙනුවට අවනීතියත්, යුක්තිය වෙනුවට අයුක්තියත් දිනෙන් දිනම හිස ඔසවන ශ්‍රි ලංකාවේ වර්තමාන පොලිස්පති ගේ භූමිකාව ඉතාම වැදගත් වන්නේ ඉදිරි කාලයේදී ජනතාවගේ පරමාධිපතිය නිදහසේ ප්‍රකාශ  කිරීමට වාතාවරනයක් රටතුල ඇති කිරීමටය.

මෛත්‍රිලාට ,බැසිල්ලට කිසිදු නිතිවිරෝධි කටයුත්තකට මේ පොලිස්පති ගෙන් ඉඩ නොලබෙන බව දන්නා නිසාම තමාසමඟ සිටින පොලිසි සන්හතියටම එපාවු එස්.එම්.වික්‍රමසිංහ නැමති දේශපාලකයන් ගේ රෙදි අපුල්ලන වාහේව පොලිස්පති පුටුවේ හින්දවීම බැසිල්ල ගේ ප්‍රභලම ඉල්ලීමක් වී ඇති බව අප ඉතාම දැඩිව ප්‍රකාශ කරමු.

කෙසේ වුවත් මෛත්‍රි ගේ මහින්ද ගේ එක්වීම  ස්ථිර වශයෙන්ම සිදුවන අතර ඊයේ රාත්‍රි ඇති වු කතාවේදි මහින්ද දැඩිව කියා ඇත්තේ ……………………….“මේ වෙලාවේ අපි මෛත්‍රි එක්ක එකට ඉදලා මේ ගේම ගහමු ඔයාලා කිසිම කෙනෙක් වොයිස් කට් දෙන්නෑ ඔන්න…..”…………… ඉන් පැහැදිලි වන්නේ මේ දීගයට දින නියමව ඇති බවය. එදාට මෛත්‍රි ගේ අමුඩය ඔහු ගලවාදැමීමට පෙර ජනතාව ගලවා දමනු ඇත.

Be the first to comment on "මහින්ද – මෛත්‍රි එක්වීම ස්ථිරයි.බැසිල් ගේ කොන්දෙසි අනුව පොලිස්පති ජේ.නි.පො.ප එස්.එම් .වික්‍රමසිංහ පත් කිරීමට මෛත්‍රි එඟවෙයි."

Leave a comment

Your email address will not be published.


*