දේශපාලන ගැත්තන් වු පොලිස්පතිලා සිටි රටක ” පුජිත ” “ලෝක පුජිතයි”

එවන් අමිහිරි තුප්පැහි පොලිස්පතිලා කලේම කාලයක් චන්ද්‍රිකා ජනාධිපතිට හෙළුවෙන් කඩේ යාමත් වරෙක මෛත්‍රි ගේ “ඔබයි අපිට රජානෝ ” වන මහින්දට කඩේ යාමත හැර එකම පොලිස්පතියෙක්වත් ජනතාවට කෙසේවෙතත් තමන් ගේ ආයතනයේම ඉන්න නිලධාරිනගේ උවමනාවන කතාකලේම නැත.

 

ශ්‍රි ලංකාවේ පොලිසිය පිලිබදව ජතාවට ඇත්තේ දැඩි කලකිරීමක් හා පිලිකුලක් බව ඉතාම කනගාටුවෙන් උවත් කිවයුතුමය. ඒ ජනතාව පැත්තෙන්ය.

පොලිසිය තුලම සිටින පොලිස් නිලධාරිනටද තමා ගේ ආයතනය පිලිබදව ඇත්තේ දැඩි වෛරයක් හා තවත් කලකිරීමක බව නොකියාම බැරිය.

මේ කරුණු දෙකම ගෙන බැලු කල එක් වරම ඇගිල්ල දිගුවන්නේ ඒ ඒ කාලවල සිටි පොලිස්පතිලාටය. අද රටේ ජනතාව පොලිසියට පහර ගසන්නේ කොස්තාපල් ගේ සාජන්ට් ගේ හෝ වෙනත් කාගේවත් වරදක් නිසානොවන බව මෙම ලියුම් කරු ඹ්නෑවටත් වඩා කරුණු දනී.

මැනිං මාර්කට් එකේ වෙලෙන්දන්ට පොලියට සල්ලි දී ඒ සල්ලි ඒකතු කිරීමට පොලිස් සැරයන් සමග කොසතාපල් වරු දෙන්නෙක් යොදවපු වික්ටර් පෙරේරලාද පානදුරේ වික්ටපෙරේරා ගේ ගෙදර කුස්සියේ බත් තම්බන්නත පොලිස් කාන්තා සැරයන් වරියක් , ගත්තේත් කුරුණැගල පොල්වත්තේ පොල් වලවල් කපන්න එක් පොලිසියකට දින 4 ගානේ වෙන්කර පොලිස් නිලධාරින් ලවා පොල්වලවල් කපපු වික්ටපෙරේරා වැනි පොලිස්පතිලද,
“තෙල්බාලාගේ ” වනාතමුල්ලේ ගෙදරට ගොස් ඔහුව සිපවැලද ගෙන උපන්දිනයට සුභ පතන්න තරන් රටේ පොලිස්පති බාලදු වු පොලිස්පති ආනන්දරාජලා සිටි පොලිසියක,

සමාජයේම වරදින් හා ආර්ථික හේතුන් මත හොරුන් මංකොල්ල කරුවන වු පුද්ගලයන් අවි පෙන්නා වෙඩිතබා මරා දමමින් ලෝකයාට ශ්‍රි ලාංකිකයන් අමනුෂයන් නිතියක් හෝඅධිකරණයක් නැතැයි කියාදුන්න ,තමාට වඩා උගතෙක් මෙතෙක් ලොව පහලව නැතැයි සිතු චන්ද්‍රා ප්‍රනාන්දුලා සිටි,

මහින්දරාජපක්ෂ ගේ පාපහරින් අරලියගහ මැදුරෙදී බිම ඇදවැටුන , වෙලේ සුදා සමඟ ඩුබායි ගිය පොලිසිය නැමති උත්තරීතර ආයතනය තුල පොලිස් ස්ථානාධිපති තනතුරක් ගැනීමට ඒ පලාතේ ප්‍රාදේශීය සභාපති ගේ ලිපිය හා ආසන සන්විධායක ගේ ලිපිය රැගෙන පොලිස් පිරිස් හා භට ඒකකයේ අධ්‍යක්ෂක වෙතට යවා පොලිස් ස්ථානාධිපතිවරු පත් කොට පොලිසිවලට වෛරකරන ජනතාවක් ගොඩනැගු අහින්සක රොෂාන චානක නැමති තරුණයාට වෙඩිතබා මරා ඉන් ගෝඨාභය වෙනුවට බෙල්ල දී බ්‍රසිලය ,කටාර් වැනිරටවලට ගොස් බිරිය ලවා මහනුවර අලංකාර භාණ්ඩ වෙලදාමේ ගිය පොලිසිය දේශපාලකයාගේ ගෙදර පාපිස්සකල මහින්දබාලසුරියලා සිටි,

යන්තරමකට හෝ පොලිසිය කෙලින් තියාගැනීමට නුතන යේ කටයුතු කලානම් ඒ පොලිස්පති ඉලංගකෝන් පමනි .

එවන් අමිහිරි තුප්පැහි පොලිස්පතිලා කලේම කාලයක් චන්ද්‍රිකා ජනාධිපතිට හෙළුවෙන් කඩේ යාමත් වරෙක මෛත්‍රි ගේ “ඔබයි අපිට රජානෝ ” වන මහින්දට කඩේ යාමත හැර එකම පොලිස්පතියෙක්වත් ජනතාවට කෙසේවෙතත් තමන් ගේ ආයතනයේම ඉන්න නිලධාරිනගේ උවමනාවන කතාකලේම නැත.

ප්‍රේමදාස යුගයෙන් පටන් ගත් පොලිසියේ විනාශය , චන්ද්‍රිකා පොලිස් ස්ථානාධිපති වරු අරලිය ගහ මැදුරට ගෙන්නා කුණුහරු පෙන් බැනවදින තත්වයටම පති විය. මහින්දලා ගෝඨලා පොලිසිය බල්ලන් ගානට ඇදදැමු බවට උන්ට අමතක වුවත් රටේ බුදිධිමත් ජනතාව දනී.

රටක පොලිසිය තිබිය යුත්තේ දේශපාලකයන් ගේ පස්ස හේදීමට හෝ උන්ගේ අසුජී අයින් කිරීමට නොව රටේ නිතිය හාසාමය රැකීමටය.

මෙන්න මේ නිසාම වර්තමාන පොලිස්පති පුජිත එදා සිටි පොලිස්පති නිලගේ අසුජිගෑඅයට වඩා හාත් පසින්ම වෙනසය.පුජිත යනු “සුන්දර මිනිසෙක් ” ලංකාවේ පාහර දේශපාලකයන්ට නොව පොලිසිය තුලම සිටින සමහරක් අපරාධකාරයන්ට නයාට අදු කොල මෙන්ය. ,

ඒ අතර පොලිසියේම ඉන්නා ඉතාම අල්පයක් වු ජරාවෙන්ම ජීවත් වෙන් සමහරක් නියෝජ‍ය්‍ය පොලිස්පති වරුන්ට කුඩුකාරයන් හා ගනිකාමඩම් වලින් ගතමනාව යාමට තියෙන් ලොකුම බාධාව පුජිතය.

ඇත්තටම පොලිසියේ අය පොලිස්පති පුජිතට අකමැතිද ?

පිලිතුර ඇත්තටම පොලිසියේ 90% පොලිස්පති පුජිතට අකමැතිය.

ඇතම කතාව එතනය. කිසිම කෙනෙකුට පුජිත්ව නම්මාගත නොහැකිය. ඒ ඔහු ඇත්තටම ජනතාව හා පොලිසියේම ඉන්නා අයට ආදරේ නිසාය.

ජනතාවට කිට්ටු කරනවාට පොලිසියේ මොකාවත් කැමති නැති බව පුජිත නොදනී ඒ ඔහු අවංකවම ජනතාව ගේ වේදනාව අදුනන ඇත්තටම ප්‍රශ්නයට විසදුමක් දෙන්න හදන නිසාය.

මේකට පොලිසියේ බොහොදෙනා අකමැති ප්‍රශ්නය වවාගෙන් ගතමනාව ගන්න බැරි …පොලිස්පති ගහක් ගලක් ගානේ දැනගත්තාම පොලිසියේ පහළ අය ගේ “රස්නය ජනතාවට” දාන්න බැරිනිසාය.

ඇමරිකාවේ ජනාධිපති ඔබාමා, එංගලන්තේ හැරීකුමරු නැටුවම ඒ අය ජනතාව එක්ක ඉන්න හරිම සන්වේ දී මිනිසුන් වෙන්නත් ,පොලිස්පති පුජිත් “ඇයි මෙහෙම නටන් නැත්තේ …” …..කියා අංඟ චලනය කරනකොට තත්වෙට නොගෙලපෙන්වායැයි කියන්නේ රටේ ඉන්නා කුහකයන්ය.

මහින්ද ගේ අඩිපාරේ යන මෛත්‍රිට පොලිස්පති පුජිත හිසේ රදයක් වෙන බව අපි මාධ්‍ය‍ය විදිහට දැන් ගත්තේ මීට කලකට පෙරය.
ජේ.නි.පො.ප එස් .එම්. වික්‍රමසිංහව පොලිස්පති කමට මෛත්‍රි පත්නොකලේ යු.ඇන්.පී විරෝධය නිසාමය. දැන් මෛත්‍රිට උවනනාවිදිහට රටේ පොලිසිය හසුරවාගෙන වික්ටපෙරේරලා,බාලසුරියලා, ආනන්දරාජලා,චන්ද්‍රා ප්‍රනාන්දුලා ලවා කරගත් වැඩ කොටස එස්.එම්. වික්‍රමසිංහ ලවා කරවාගෙන මෛත්‍රි බලේ ඉන්න තටමන බව අපි ඉතාම වගකීමෙන් කියමු

බාලසුරියලා,වික්ටපෙරේරලා, චන්ද්‍රා ප්‍රනාන්දුලා  ,ආනන්දරාජලා  පොලිස්පති කම්කර ජහජරාවක් කරපු පොලිසිය නැමති වලේ කලකට පසුව පිපුනු නෙළුමක් සේ “පොලිස්පති පුජිත් ” වැජබීම සමස්ථ ජාතියේම වාසනාවකි. යම්තරමකට හෝ පොලිසිය නැමති ඒ උත්තරීතර ආයතනය මෙතෙක් වත් රැකී ඇත්තේ පුජිත්ලා වැනි නිලධාරින් බව ජනතාව මතක තබාගත යුතුය.

අජිත්…

Be the first to comment on "දේශපාලන ගැත්තන් වු පොලිස්පතිලා සිටි රටක ” පුජිත ” “ලෝක පුජිතයි”"

Leave a comment

Your email address will not be published.


*