“දෙරණේ ” හෙළුව හා නාගහ නන්ද ගේ සළුව.

එසේ වීමට නම් ජනතාව දැන්වත් කලයුත්තේ තව තවත් රටට නාගහ නන්දලා ඒකතු කිරීමය එසේ නොකොට නැවතත් ඊළඟ හොරුන්ට ආරාධනා කොට රට භාර දෙනවානම් උන්ට දෙස්දෙවොල් නොදී තමාටම තමා දෙස්තබාගැනීමය…..

රටක මාධ්‍ය රටේ ජනතාව බුද්ධිමතුන් කරනවා වෙනුවට, ජනතාව හුරාකන පාහරයන්ට කඩේ යන වහලුන් කොටසක් තැනීම මේ වනවිට දෙරණ රූපවාහින්ය ඉතාම හොදට කරමින් ඇත.

ලෝකයේ කිසිම රටක අඩුම තරමින් ඉන්දියාවේ වත් දේශපාලකයන් ගේ පස්ස කහමින් ජනතාව බල්ලන් ,බළලුන් ගානට දමා තම කොටස වැඩි කර ගැනීමට තටමන මාධ්‍ය කලාවක් නැත.

ඒත් තමාට ලැබෙන කොටස වැඩි කර ගැනීමට ,ඕනෑම දේශපාලකයකුව පිම්බීමට පැනලා එන කලාවක් අපිට ඇත.

රටේ ජනතාව ගේ ජීවිත මේවනවිට ඉතාම අසරණ තත්වයට ඇදදැමු දේශපාලකයන්ට කඩේ යන දෙරණ වැනි කාලකන්නීන් ද මෙයට වග කිව යුතුයි.

දෙරණ 360 යනු ශ්‍රි ලාංකීය ජනතාවට “බොරුව ඇත්ත බවට කියාපෑමට තටමන වැඩසටහන්ක් ” බවට කීමට තවත් අටුවා ටිකා අවශ‍ය වන්නේ නැත.

දිල්කා හා චාපා යන නමින් යුතු මේ දෙදෙනා සිය මැදිරියට ගෙන්වුයේ තවත් අපුරූ පුද්ගලයෙකි. ඒ නීතිඥ නාගහ නන්ද කොඩිතුවක්කුය.

දෙරණට නාලිකාවට නාගහ නන්දලා නයාට අදු කොල වගේය ඒත් රටේ අහිංසක ජනතාව ගේ උදේ හවස පැතුම කවදා හෝ කොහේ හෝ තැනකින් නාගහ නන්දලා බිහිවෙන් එකය.

දෙරණ නාලිකාව වනාහි ජනතාව විසින්ම පන්නා දැමිය යුතු රටේ ඇති නින්දිතන රූපවාහිනී නාලිකාවයි. නාගහ නන්ද යනු ජනතාවනම් චාපානැමති පුද්ගලයා ප්‍රශ්ණ කරන්නේම රටේ නිතිය බල්ලට දැමු රටේ ජනතාවගේ සල්ලි හුරා කාපු අහින්සකයන් පැහැර ගෙන ගොස් මරාදැමු ගෝඨාභය වෙනුවෙන්ය.

මාධ්‍ය ගනිකාවක් ගේ තැනට ඇදදමා තිබෙන දෙරණ රුපවාහිනිය 360 වැඩසටහිනේදි උත්සහා කලේම රාජපක්ෂ කද වුර බේරා ගැනීමටය.

ජනතව අකමැත්තෙන් උවත් ඒ 360 නැරබුවේම නාගහනනද නැමැති ඔහු කියන්නේ ඇත්තමදැයි බැලීමට මිස දෙරණ නාලිකාවේ උන්ගේ හෙළව බැලීමට නොවන බව ජනතාව වෙනුවෙන් අප ඉතාම අවදාරනයෙන් කියා සිටිමු.

දිල්කා හා චාපාබංඩාර යන්න උන් ගේ පැටිකිරියත් ජනතාව නොදන්නවා නොවේ. ජනතාව වෙනුවෙන් උන් කරන්නේ ජනතව ගොනාට අන්දවමින් ජනතාවට පගාව දෙන එකය.

එක නාලිකාවක් ගම්මැද්ද සුද්ද කරන කොඅට අනිත් නාලිකාව හොරු සමඟ බුදියමින් ජනතව දඹදිව වන්දවා මොල සේදීමට දක්කන යයි.

ඒත් ලංකාවේ මේ නින්දිත මාධ්‍යකලාවට හාත්පසින්ම වෙනස නාලිකා ලෝකයේ තම රටේ ජනතාව වෙනුවෙන් හඩ නගමින් ජනතාවට බොහෝදේ දිනාදී ඇත.

නාගහ නන්ද කොඩිතුවක්කු කරලියට එන්නේම නින්දිත රාජ්‍ය නිලධාරින්ගේ හා කාලකන්නි දෙශපාලකයන් ගේ හොරකමට එරෙහිවය. ජනතාව වෙනුවෙන් කවරෙකු හෝ අවනිතියට එරෙහිව එලි බසීනම් ඔහු සමග අප සිටගන්නේ කොන්දේසි විරහිතවය.

ඒරටේ ජනතාව වෙනුවෙනි. වසර 170 ක් පුරාවටම තට්ටු මාරු දේශපාලනයේ යෙදුන රටේ ජනතාව තවත් නම් මීහරකුන් කොටසක් බවට ලෝකයාට එත්තු නොගැන්විය යුතුය.

එසේ වීමට නම් ජනතාව දැන්වත් කලයුත්තේ තව තවත් රටට නාගහ නන්දලා ඒකතු කිරීමය එසේ නොකොට නැවතත් ඊළඟ හොරුන්ට ආරාධනා කොට රට භාර දෙනවානම් උන්ට දෙස්දෙවොල් නොදී තමාටම තමා දෙස්තබාගැනීමය.

අවසානයේ 360 සිදුවුයේ නාගහනන්ද ගේ සළුවෙන්ම දෙරණ නාලිකාවේ දිල්කා ගේ හා චාපා ගේ හෙළුව වසාගැනීමය. එය එසේ වීමෙන් දෙරණේ හෙළුව මෙතෙක් නොදැක සිටි ජනතාවට ඉතා හොදින් දැකගත හැකිවිය.

Be the first to comment on "“දෙරණේ ” හෙළුව හා නාගහ නන්ද ගේ සළුව."

Leave a comment

Your email address will not be published.


*