සිරකරුවන් ගේ සිර නොවු……….. ” සිපිරි ගේ පාමුල “………………!!!!!!

සියලු සිරකරුවෝ මනුශ්ෂයෝය…………යන අරුථ සනාථ කරමින් ඒ මිනිසුන් ගේ සිත් කඩා වැටීමට ඉඩ නොදී නැවත සමාජ ගත කිරීමේ සත් කාර්‍ය්ය අවංකවම ,තම උරහිසට ගෙන කටයුතු කරන බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ගේ මෙම කැපකිරීම පැසසිය යුතුය.

ලංකා ඉතිහාසයට තවත් පරිච්ඡෙදයක් එක්කරමින් ඊයේ පැවති මෙම සත් කාර්‍ය්ය සමස්ථ ලාංකිය රාජ්‍ය සේවකයන්ටම මහත් ආදර්ශයකි.

තම සිත තමාට පාලනය කරගැනීමට නොහැකිවු මොහොතක සිදු දෙයින් ජිවිත කාලයේ තමාට විදීමට සිදුවන සිරගත වීමක් තුලදී එදා ඒ තමාටපාලනයකර   ගැනීමට නොහැකි වු මනස නැවත තමා ගේ ග්‍රහනයට ගෙන තමාගෙන් එවැන්නක් නැවතත් සමාජයට සිදු නොවීමට වග බලාගන්නා මිනිසුන් පිරිසක් සමාජ ගත කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවනබව සමසථ රටම දනී.

තම හදවතේ නැගෙන දුක් දොම්නස සියල්ලම එලියට දැමිය හැක්කේ කාව්‍ය තුලින්ය.

මෙම “සිපිරි ගේ පාමුල ” ඒ මිනිසුන් ගේ හදවතේ දොන්කාරයයි.

ඒ මිනිසුන් සමාජ ගත කරන පණිවිඩය කුමක්දැයි මෙම පොත කියවා රටම දැන ගත යුතුය .

ඒ මන්ද සමාජයෙන් තමාටත් තමාගෙන් සමාජයටත් සිදුවු අකරදැබ්බය හදුනා ගෙන මිනිසුන්ට සිරගත නොවිසිටීමට මග පාදා ගැනීමටය.

මේවනවිට ලංකීය සිරගත මිනිසාත් යුරෝපිය බන්ධනාගාර තලයටම රැගෙන යාමයට දැඩි කැපකිරීමක් කරන බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ගේ මග පෙන්වීම යටතේ මීට පෙර ලාංකීය ඉතිහාසයේ ප්‍රථම උපාධිය ලබාගත් සිරකරුවාත් බිහිකිරීමට ඔහුට හැකිවිය.

තමා ගේ වැටුපට , නිලරථයට හෝ කුමන හෝ යමකට දවසගානේ විරෝධතා , වැඩවර්ජන කරන රටක “සීමිත සම්පත් වලින් අසීමිත් වු වැඩකොටසක් ” කරන බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා වැනි නිලධාරින් රැකගැනීම සමස්ථ රට වැසියන් ගේම වගකීමක් බැවි යලි යලිත් අපි සිහිපත් කරමු.

Be the first to comment on "සිරකරුවන් ගේ සිර නොවු……….. ” සිපිරි ගේ පාමුල “………………!!!!!!"

Leave a comment

Your email address will not be published.


*