නින්දේ සිටි රාජ්‍ය නිලධාරින් අවදිවී ” සැලලිහිණින්ට ” වතුර දෙයි

ලංකා දවස පුවතට රටේ ජනතාව ගේ පුර්ණ සහාය ………

කොළඹ සිට වව්නියාව සැලලිහිණිය ගමට ගොස් ඒ ජනතාව ට බීමට වතුර පොදක් නැතුව මිය යන්න හදන බව රටට කියු ඒ යුධ හමුදා නිලධාරියා ප්‍රධාන සුමේද රුවන් අප දැනුවත් කල වහාම ඊට පලමුකොට ඉඩ ලබා දී ජනතාවට ලැබිය යුතු රාජ්‍ය පහසුකම් ලබාදීමට අද හැකිවීම විශාල සතුටකි. ඒ සතුට අපි ජනතාවට කියනවාට වඩා ඊට මුලිකත්වය ගත් ඔහු ගේම වචනෙන් කීම ඔහුට කරන දිරිදීමක සේ අපි සිතමු……

.ආමග කෙටියි යායුතු මග දුරයි….

අදනම් ගොඩාක් සතුටුදායක දවසක්…අපි වව්නියාවෙ සැලලිහිණි ගම්මානෙට ගිහින් මාසයක් යන්නත් කලින් අපේ වෑයමේ සාර්ථකත්වයක් ලැබිලා. ලැබෙමින් පවතිනවා.

අදවනවිට ගමේ මිනිසුන් හරිම ප්‍රබෝධයෙන් නව අපේක්ෂා සහිතව උද්‍යෝගයෙන් ජනතාව එකමුතුවෙන් නව සමිති සමාගම් පිහිටුවාගෙන එකිනෙකා වෙනුවෙන් සහයෝගයෙන් වැඩකටයුතු කරගෙන යනවා. ඒවගෙම රාජ්‍ය අංශයෙත් සහයෝගය ලැබෙමින් පවතිනවා.

අපි දැක්ක ප්‍රා.ලේ.කාර්‍යාලය හරහා නිවාස නොමැති අය වෙනුවෙන් යම් වැඩපිලිවෙලක් ආරම්භ කරල, මෙතෙක් රු 3ට හා 1.50ට බොහෝ දුරක් පයින්ගොස් පානීය ජලය ලබාගත් සැමට අද සිට සතියට දෙවරක් ප්‍රාදේශිය සභාව නිවසටම ගොස් නොමිලේ ජලය ලබාදීමේ වැඩපිලිවෙලක් ආරම්භ කරල. මූලිකම අවශ්‍යතාවය වන වගා ජලය සදහා වන ව්‍යාපෘතියට කටුනායක යුනයිටට් ටොබැකෝ සමාගම පසුබිම සකසමින් යනවා.

පෞද්ගලික පරිත්‍යාගශීලීන් බොහොමයක් අපේක්ෂාවෙන් ඉන්නවා.. ආරක්ෂක හමුදාව අවශ්‍ය පසුබිම සකසමින් සිටිනවා.

මේ ආකාරයට ගමේ ලොකු ධනාත්මක වෙනසක් ඇතිවෙමින් යනවා.
ඉතිං මේ සදහා යෝජනාව ගෙන ආ කර්නල් අශෝක අඹන්පොල සොයුරාට ගොඩක් ස්තූතියි.

ඒවගේම මේ ගමනට ඉතා උනන්දුවෙන් සහභාගී වූ මා දිරිගැන්වූ මා මිත්‍ර ආචාර්‍ය් සමීර අර්. සමරකෝන් සොයුරාටත් මුල්ම පුවතට උනුසුම් ප්‍රතිචාර දක්වා එය 400කට අධික වාරයක් ශෙයාකල මා ෆේස්බුක් මිතුරන් සැමටත්, නිරතුරුව මා දැනුවත්කරමින් ගමේ සංවිධාන ශක්තිය ගොඩනැගූ සැලලිහිනිගම ප්‍රජා මූල මණ්ඩලයේ සභාපතිතුමා ඇතුලු නිලධාරී මඩුල්ලටත් ගොඩාක් ස්තූතියි. අප කිසිවකුට දොස්නගන්නේ නැත. විවිධාකාරයේ හේතූන් නිසා මේවා ප්‍රමාද වන්නට ඇත.

ඒ සියල්ල අමතකකොට කිසිම භේදයකින් තොරව අපගේ වගකීම යුතුකම ඒ අහිංසක මිනිසුන් වෙනුවෙන් ඉටුකරමු.

Be the first to comment on "නින්දේ සිටි රාජ්‍ය නිලධාරින් අවදිවී ” සැලලිහිණින්ට ” වතුර දෙයි"

Leave a comment

Your email address will not be published.


*