“සිංහලයනි දැන්වත් අවදි වෙයල්ලා මේ මිනිසුන්ව බේරගෙන ජිවත් කරපල්ලා……..”

පදුරක් ගානේ දේශපුත්‍රලා, ජාතිමාමකලා, ඉන්න රටේ දිනෙන් දින මියයන “සිංහලයන් ” සිටිනවා කීවොත් ඔබ පුදුම වේවි.
ඒත් ඇත්තටම ලංකාවේ හතර දිග්බාගෙන් ගිහින් පසු ගිය කාලයේ බලහත් කාරයෙන් පදිංචිකල සිංහල පවුල් 1000 පමණ කිසිම ” සිංහලයකු ” ගේ හවුහරනක් නැතිව ජිවිතයත් මරණයත් අතර ගෙවෙන මොහොතකවත් ……..

අඩුම තරමින් වතුර උගුරක් වත ඔවුනට ලබාදීමට ඔබට පිළිවන් නම් එයත් මහත්පිණකි. .

හැම උරුමයටම අත දාන මහා පණ්ඩිතයැයි කියාගන්නා කොපමණ භික්ෂුන් සිටියත් වංශය කබල් ගාන වන්සක්කාරලා කොපමණ සිටියත් ඒ මිනිස්සු  “සිංහල ” වු නිසාම  මොකා ගෙවත් පිහිටක් නැතුව දිවි ගෙවන් නේ මරණය අතවනන තුරුය.

කාලකන්නි පාලකයන් මහ දවාලේ රටේ ධනය හොරා කෑවත් ,තවත් තැනක දරුවන ජිවිත කාලෙම එකම කිරිවිදුරුවක් බී නැතැයි ඔබට සිතිය හැකිද …?

පාලකයන් මේ රටට කිසිවක් නොකලාට කමක් නැත, උන් හොරා නොකා සිටියොත් ඒ ඇතිය. රට ඉබේටම දියුණු වේවි.

මනුෂයන් හොයා මනුෂයන් ගිය ඒ ගමන ගැන මා දැනුවත් කල සුමේධ රුවන් සොහොයුරාට අප ගේ පුවත් පතේ ස්තුතිය පිරිනමමු. ඒ දසුන් දුටු ඔහු ලියු සියල්ලම මෙසේ පලකිරීමට මා සිතුවේ මනුෂයන් වෙනුවෙන් මනුෂයන් කල සත් කාරියට උරදීමට සිතාය.

“සිංහලයනි දැන්වත් අවදි වෙයල්ලා මේ මිනිසුන්ව බේරගෙන ජිවත් කරපල්ලා……..”

අපේ රටේ තවත් පැත්තක් ගැන සංවේදී සටහන………………………………………………………………..

මේ ලියන්න යන්නේ වවුනියාවෙන් කි මී 35ක් පමණ ගියාම හමුවන සැලලිහිණිගම සිංහල ගම්මානයේ ශෝකාන්තයසැකෙවින්…

සතියකට පමණ කලින් පොරොන්දු වූ පරිදි කිලිනොච්චියන ගමනේ අපේ එක් ප්‍රධාන අරමුණක් වුනේ 56වනසේනානංකයේ කර්නල් අශෝක අඹන්පොල සොයුරා මතුකල මේ ගම්මානය සොයාගෙන යන එක​. ඉතිං කි මී 500ක්පමණ ගමන් කරල දෙවන දවසේ හවස්කාලයේ ගමන් මහන්සියත් නොබලා ඒ දුෂ්කර මග ඔස්සේ ඔවුන්හොයාගෙන ගියා.
මේ ගම්මානය පිහිටුවන්නෙ යුද්ධයෙන් පසු 2013 රටේ සියළු ප්‍රදේශවලින් මොකුත් කරකියාගත නොහැකි පවුල්ප්‍රා.ලේ හරහා ගෙන්වල අක්කරයක කැලෑ ඉඩමක් ගානෙ දීල​. මොවුන්ට වසරක් ගෙවෙනකොට කුඹුරු ඉඩමක් සහජලය ලබා දෙනව කියල තමයි පදිංචිකලේ මේ ප්‍රදේශයේ පිහිටීම අනුව ජීවත්වෙන්නනම් තියෙන එකම මාර්ගයගොවිතැන ..නමුත් ජනතාවගේ ඒ පොරොන්දුව තවමත් ඉටුකර නොමැති කමින් මේ ජනතාව ජීවිතය විදවන එකකරන්නෙ.

ගමේ පවුල් 500ක් පමණ තියෙනව එයින් 90% ක් පමණ පර්චස් දෙකක පමණ හදාගත්ත කටුමැටිගෙවල්.ඒවායෙන් බොහොමයක වැසිකිලියක් හෝ නොමැති ගෙවල්.ගමට තියෙන එකම පොදු ස්ථානය පන්සල ,පාසලකට යන්න කිමී 2ක් පමණ පයින් 

 ගිහින්බස් එකේ කි මී 20කට එහා යන්න ඕනි.බෙහෙත් ගන්න උනත් එහෙමයි.බයිසිකලයක් හෝ තියෙන ගෙයක් නොදැක්ක තරම්ය.

අපි ගමට ගියාම ගමේ මිනිස්සු ගොඩක් එක්‍ රැස්වෙලා ඔවුන්ගේ ජීවිතයේ තියෙන පීඩනය අපිත් එක්කබෙදාගත්තා.

අපි මුලින්ම ගිය ගෙදර කුඩා දරුවන් 4ක් එක්ක අම්ම විතරයි.  තාත්ත දාල ගිහින් ලොකු දරුවගේහදවතේ ආබාධයකුත් එක්ක​. ඊලගට ගිය ගෙදරත් තාත්ත දාල ගිය අම්මෙක් සහ දරුවෙක්. මේ මිනිස්සුබොහොමයක් දවසකට කන්නෙ එක වේලයි ඒක කුස්සියට ගියාම අපට තහවුරු වුණා.

 වකුගඩු රෝගය නිසාමෙයාලට වතුර බොන්න සතියකට පමන සැරයක් එන බවුසරෙන් රු 3ගානෙ ලීටයක් මිලදී ගනන් වෙලා. තාත්ත නැතිදරුවන් 4ක් ඉන්න පවුලේ අම්ම අපිත් එක්ක කිව්වේ මහත්තයෝ දරුව අසනීප වෙලා බෙහෙත් ගන්න විදිහක් නැතුවකනේ තිබුන කරාබුව රු 1000කට උගස් තියල ඒක බේර ගන්න තාම බැරිවුනා කියලා..
ඇත්තටම මේ සියල්ල සාක්‍ෂි දරපු මගේ මිත්‍ර පවුලේ  DR  සමීර සමරකෝන් අයටයි අපේ පවුලේ අයටයි හිතා ගන්නබැරිවුනා අපි කොහෙන් පටන්ගෙන කොහෙන් අවසන් කරන්නද කියලා.

අපට දැනුන මොවුන්ගේ මූලිකම ගැටළුව ජලය​. තමාගෙ වත්තෙ යමක් වගා කරගන්න හෝ ගඩොල් කපලජීවත්වෙන්න මොවුන්ට හැකියාවක් නැත්තෙ ජල ගැටළුව නිසා. වතුර ගන්න තියෙන්නෙ නල ලිදකින් ඒකටසාමාන්‍යයෙන් රු 100000ක් පමණ දරන්න වෙනවා.

අඩුම ගානෙ පවුල් කීපයක් මැදිකරල හෝ මොවුනට නල ලිං 20ක්හදල දෙන්න උත්සහ කලොත් ඔවුන් අඩුම ගානෙ තුන් වේලක් කන්න ක්‍රමයක් හෝ හදාගනියි.ඇත්තටම මේ ගමටගියාම රට කරපු පාලකයො සහ කරන පාලකයන් කෙරෙහිත් ඇතිවුනේ මහා කලකිරීමක් සහ කේන්තියක්…

ඉතිං අපි ලොව වටා සිටින සංවේදී හදවත් ඇති ජනතාව සුළු සුළුවෙන් හෝ එකතුවුනොත් අපට ලොකු දෙයක්මොවුන් වෙනුවෙන් කරන්න පුළුවන් වෙයි.

මේ කතන්දරය හැකිතරම් ශෙයාකරල රජයේ හෝ රාජ්‍ය නොවනසංවිධාන හෝ එකතුකරගෙන අපිට යමක් කරන්න පිලිවන්නම් ඒක මහා පුන්‍යකරමයක් වෙයි.

ඔබගේ අදහස්යෝජනා අපට දන්වන්න මේසදහා අවශ්‍ය මිනිස් ශ්‍රමය අපට හමුදා සාමාජිකයින් හරහා ලබා ගන්නත් පුලුවන්.
ඔයාලට ගොඩක් පිං මේක ශෙයාකරල උත්සායක් ගන්න එකට​..

වැඩි විස්තර සදහා සුමේධ රුවන් 0777867713

 

Be the first to comment on "“සිංහලයනි දැන්වත් අවදි වෙයල්ලා මේ මිනිසුන්ව බේරගෙන ජිවත් කරපල්ලා……..”"

Leave a comment

Your email address will not be published.


*