ලංකා දවසේ සිකුරාදා………පුජණීය කහ සිවුරේ සිට ජම්පරයට අත වනන ” සම- හරක් භික්ෂුන්

“මහණෙනි කිසි කලකත් ඔබලාට රාජ නීතිය අභිබවා කටයුතු නොකල හැක්කේ බුද්ධ නීතිය කිසිවිටකත් රාජ නිතිය අභිබවා නොයන නිසාය. ” ( බුදුන්වහන්සේ )

සම්මා සම්බුදුරජානන් වහන්සේ එසේ වදාලේ කුමන හෝ කාලයක බුද්ධ චීවරයට මුවාවී ජනතාව තාඩනයට ,පීඩනයට ලක්කරන භික්ෂුන් මතු කාලයක කවදා හෝ ලෝකයේ පහල වනු ඇතැයි සිතාවිය හැකිය.

ලංකාවේ තරන් බුද්ධ චීවරයට නිගා දෙන් ආකාරයේ වැඩ කරන භික්ෂුන ලෝකයේ ඉතා අල්පය. සමාජයට ගුණධර්ම කියාදී රටක ජනතාවට බුදුන්වහන්සේ ගිය මග යෑමට උදව් දෙනවා වෙනුවට බොහො බොහෝ භික්ෂුන් වහන්සේලා කරන්නේ පලාතේ ඉන්න අපරාධ කරුට පිරිත් කියා උගෙන් ගානක් කඩා වඩා ගැනීමය.

රටටම වෛරය බෙදාහරිමින් ජනතාව කුලල්කන්විට සතුටු වු නින්දිතම මනුෂයා වන ඥණසාර භික්ෂුව සමාජයට සිදුකල ඒකම මෙහෙය පුද්ගලයන් 4 දෙනෙක් පරලොව ඇරීමය.රටට මහත් අපකීර්තියක් උදා කරලීමය.

ග්‍රෑම්පාස් පොලිසිය විසින් හාමුදුරුනමක් රියපදවනවිට අල්ලා ඇති බවට පොලිසියේ උසස් නිලධාරින්ට දැන්වු විට මේ පුද්ගලයා එල්.ටී.ටී. ඊ සංවිධානයේ අයෙක් භික්ෂුවක් ලෙසට පැමිණියා දැයි සැකකොට මාද එහි ගියවිට ඒවකට සිටි පොලිස් ස්ථානාධිපති කියා සිටියේ මොහු “මත් පැන් බී රියදුරු බලප්‍රයක් නොමතිව වාහනයක් ධාවනය කොට අනතුරක් සිදුකිරීමට අත්වඩංගුවට ගෙන ඇති බවකි.

ඒ මෙම ගලබොඩ අත්තේ ඥණසාර යන් අයවිය. තම සිවුර ඒ වනවිටත් ගලවා පැතකට දමමින් ඉතාම අප්‍රසන්න හා කලහාකාරිව හැසුරුන අයෙකි.ඒ බව අදටත් මාගේ මතකයේ ඇත.

රටේ අගමැතිට පවාවෙඩිතබා බුද්ධ චීවරයේ දැලි ගෑ කාලකන්නි භික්ෂුන් නැතුවා නොවේ.

ඒ මහනුන් පසුපස යන අනෙකුත් අය කරන්නේ සම්බුද්ධ සාසනේම ලෝක ප්‍රජාවගේ අවමානයට ලක් කිරීමයි.
එදා ධර්මාරාමලාවගේම ,අද වනවිය ඥාණසාරලත් කරලියට ගෙනාවේත් රටේ තවත් ඒහා සමානම කාලකන්නීන් පිරිසකි.

බුද්ධ චීවරය ඇගලා සිටිමින් ජනතාව අපේක්ෂා නොකරන දේ කරයිනම් ඒවා කතාකිරීමට හා ඒවාට විරැද්ධව ලිවීමට අපට අයිතියක් ඇත.

මේ වනවිට ලංකාවේ භික්ෂු සාසනය අන්තයටම පිරිහී හමාරය. ඒත් අවාසනාවට අපේ මහානායකලා සුවෙන් සැතපෙනු ඇත. අහෝ දුක්
රටේ පවතින නිතිය අභිබවා යාමට යමෙකු කහ සිවුර හෝ තමාගේ පුජක කමට ලංසු ත්බයිනම් ඔහුව රටේ නිතිය අනුව දඩුවම් දිය යුතුය.

මේ වන්විට රටේ සිටින ඉතාම සිල්වත් නායක හිමිපානන වහන්සේලා කියන්නේ “උපදින අත්මයකටවත් ලංකාවේ වගේ ජරා ජාතියක් ඉන්න රටක් උපදින්න එපා කියාය.

තවත් මේ සාසනය පිරිහීමට ඉඩ නොතබා මහානායක ස්වාමින් වහන්සේලා දැන්වත් මෙ වනි නොහික්මුන අයව පන්නා දමා සාසනය ර්‍ක ගත යුතුය .

එසේ නැතුව කවරෙක් හෝ සිතයිනම් හිට්ලර් පාලනයක් ලංකාවට ඔනිකියා ඔහු බුද්ධ චිවරය ඇඟලා නොසිටින “නිගංඨයකු ” වියයුතුය.

අජිත්….

Be the first to comment on "ලංකා දවසේ සිකුරාදා………පුජණීය කහ සිවුරේ සිට ජම්පරයට අත වනන ” සම- හරක් භික්ෂුන්"

Leave a comment

Your email address will not be published.


*