මෛත්‍රිපාල මාධ්‍ය අවහිර කරමින්,අත්වඩංගුවට ගනිමින් රට නැවතත් ඒකාධිපති පාලනයකට යමින් සුළු ජාතින්ගේ ආරක්ෂාවටත් බලවත් තර්ජනයක්……..?

මේ වනවිට ශ්‍රි ලංකාව ඉතාම භයානක තත්වයකට ජනාධිපති මෛත්‍රි පාල පත් කරමින් සිටි. මෛත්‍රිපාලට මෙම සියලු උපදෙස් ලබාදෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය විසින් බවට මේවනවිට තොරතුරු ලැබී ඇත.

මහින්ද රාජපක්ෂ රටට කල සේවය අනුපමීය බවට කිසිදු තර්කයක් නැත.

ඒත් ඒ තත්වය මුලුමනින්ම වෙනස් අතකට හැරවුයේ වෙන කවරෙකුවත් නොව ගෝඨාභය බවට කීමට අමුතු අටුවා ටිකා අවශ්‍ය නොවේ

මෛත්‍රිපාල මේ වනවිට පිස්සු බල්ලෙකු සේ වියරු වැටී ඇත. ඒ 2008 ඔහු බලයට ඒමට රටේ සියලුම ජාතින්ට ආමන්ත්‍රනය කරමින් කල ,කී දැවලට කිසිදු සම්බන්දයක් නොවන දේ කිරීම නිසාය.

මේ වනවිට තම පවුල පොෂණය කිරිමත් සමගම මෛත්‍රි එදා මාධ්‍යට කී කතාවලට ඔහුම ඊට හාතපසින්ම නොයෙකුත් බොරු බේගල කීම නිසාම මෛත්‍රි ජනතාව අතර පට්ටපල් බොරුකාරයෙකු බවට හන්වඩු ගැසී අවසන්ය.

මෛත්‍රි ගේ ආගමනයට මාධ්‍ය කරුවන් ලෙසට ලංකා ඊ නිවුස් ඉතා විශාක කැපකිරීමක කල අතරම මෛත්‍රි කලේ පලමුවම ලංකා ඊනිවුස් තහනම් කිරීමය. ඉන් නොනවතුන මෛත්‍රි මේවනවිට මුළු මාධ්‍යටම තම බලය පෙන්නමින් කිසිදු හේතුවක් නැතුව ටී.එන්. එල් නාලිකාව තහනම් කලෝය.

මේ වන විට මෛත්‍රිට බල්ලෝභය ඉහවහ ගොස් ඔහු බරපතල රෝගයකින් පෙලමින් පවති.

ජාතිවාදය කර පින්නාගෙන ගෝඨාගේ ගමන් මග එලිපෙහෙලි කරමින් සිටින මෛත්‍රි රටේ දෙමළ ,මුස්ලිම් වැනි සුළු ජාතින් ගේන් ආරක්ෂාව පවා නොතකා ජාති වාදි ප්‍රකාශ කරමින් සිටී.

මෛත්‍රි මේ වනවිට හේතු රහිතවම ඔහුට අයත් නොවන ජනමාධ්‍ය විෂය පතයට අත පොවමින් මෙම ලංකා ඊ නිව්ස් හා ටී.එන් .එල් රුපවාහිනිය තහනම් කරමින් එකාධිපති මගකට ශ්‍රි ලංකාව තල්ලු කරමින් සිටි.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ලෝකවාසින් සියලුම දෙනා මෛත්‍රි ගේ මේ නින්දිත් ක්‍රියාව තරයේ හෙලා දැකිය යුතුවා පමණක් නොව ඔහුව ඉතාම ඉක්මනින් බලයෙන් පහකර දැමීමටත් ජනතාව පෙල ගැසිය යුතුය.

Be the first to comment on "මෛත්‍රිපාල මාධ්‍ය අවහිර කරමින්,අත්වඩංගුවට ගනිමින් රට නැවතත් ඒකාධිපති පාලනයකට යමින් සුළු ජාතින්ගේ ආරක්ෂාවටත් බලවත් තර්ජනයක්……..?"

Leave a comment

Your email address will not be published.


*