අර්ජුන වැනි ලෝක පුජිත ක්‍රිඩකයෙකුට ක්‍රිකට් භාර නොදී තිලංග වැනි බුකි කරුවෙකුට ක්‍රිකට් භාර දුන්නේ ක්‍රිකට් ගහන්නද ? ඔට්ටු අල්ලන්නද …..?

ලංකාවේ බොහෝමයක් දේ සිදුවන්නේ කනපිටය. ඊට තවත් නම් උදාහරන කුමකටද වසර ගනනාවක් තිස්සේම රාජපක්ෂලා ගේ සමයේ ක්‍රිකට් පරාදෙයින් පරාද වෙද්දී තිලංක සුමතිපාල නැමති බුකි කරුවා ගෙන් ජීවත් වු රාජපක්ෂ රෙජමය ඔහුට හිතුමනාපව ක්‍රිකට් ගැසීමට හෝ ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමට ඉඩදී බලාන සිටි යෝය.

ඊට එරෙහිව කිසිවෙකුත් කට නොඇරිය විට ජනාධිපති රාජපක්ෂට ඒ ගැන පැමිණිලි කලේ මහත්මා දේශපාලඥ යෙකු වන අර්ජුන රණතුංගයන් පමණි.

ඒ එදාය……..

එසේ නම අද……………………………???????????

අර්ජුනත් කැබින්ට් ඇමතිමංඩලයේ සිටින් යහපාලන ආණ්ඩුවවේම මුලික පෙර ගමන් කරුවෙකු වු අර්ජුනට ක්‍රිකට භාර නොදෙන්නේ තවත් නම් කවුදැයි සිතිමට අමුතු අටුවා ටිකා අවශ්‍ය නොවේ.

මහින්දට ,නාමල්බේබිට යහමින් බුකි රේස් ඔට්ටු සල්ලි විසික්කු තිලංක අද අත දිගහැර සල්ලි වියදම් කරන්නේ චතුරිකාට හාදහම් සිරිසේනටය.

චතුරිකාට ,දහම්ට ක්‍රිකට් අරහන්ය. ඔනි සල්ලිය ඒත් ක්‍රිකට් ඇගේ දුවන අර්ජුනට ඔනි ක්‍රිකට්ය. මෛත්‍රි ඉන්න තව අවුරුදු 11/2 ට ලංකාවේ ක්‍රිකට් වලපල්ලට ගියාට උන්ට කමක් නැත. ගමේ ගොඩේ ක්‍රිකට් වලට ඇලුම් කරන අයටයි උවමනාව ක්‍රිකට් ගැන.

මෛත්‍රි ගේ හාරනිල්ගේ තුප්පැහි අමාත්‍යංශ බෙදිල්ලමොකාගේ විද්‍යාත්මක කමක් දැයි දන්නේත් ඒවා බෙදුව ගොංවාහේම මිසක් බුද්ධිමත් ජනතාව නොවේ.

මොලේ කලදක්වත් තිබුනානම් , ….රටක ආරක්ෂාව ගැන වගකීම ඒපිලිබදව හසල දැනුමක් ඇති ෆොන්සේකටත් , ආර්ථික විද්‍යාව පිලිබදව හසල දැනුමක් ආර්ථික විද්‍යාඥයෙක් වන හර්ෂ ද සිල්වාටත් ,ක්‍රිඩාව ගැන හසල දැනුමක් හා පරිනත ක්‍රිඩකයෙක් වු අර්ජුණ් අරණතුංගටත් නොදී ගොන්නු සේ අධ්‍යාපන සමග මහාමාර්ග වැනි ජනතාවට විලු සපයන කැබිනට් මංඩලයක් හදන්නේම මීහරක් නායකයන්ය.

මෛත්‍රිපාල  තව දුරටත්බුකී  කරුවෙකු වෙතම ක්‍රිකට ක්‍රිඩාව දී ඇත්තේ වෙන දේකට නොව එක් මසකට තිලංක  චතුරිකාට දැන්වීම වලට දෙන ලක්ෂ 09 ගෙවීම වෙනුවෙනි.

රනිල් දැන් වත් කොන්ද පණ් ඇතුව මේවා බලා වහාම අර්ජුනට ක්‍රිකට භාර දිය යුතුය.

මේවනවිට බුකී කාරයන් ගේ සුදු පොලක් වීඇති ක්‍රිකට් ක්‍රිඩාව , ලංකාවේ නම පවතින තැනට නැවත ගෙන ආහැකි එකම පුද්ගලයා අර්ජුණම පමණක බව අපි විශ්වාස කරමු.

 

Be the first to comment on "අර්ජුන වැනි ලෝක පුජිත ක්‍රිඩකයෙකුට ක්‍රිකට් භාර නොදී තිලංග වැනි බුකි කරුවෙකුට ක්‍රිකට් භාර දුන්නේ ක්‍රිකට් ගහන්නද ? ඔට්ටු අල්ලන්නද …..?"

Leave a comment

Your email address will not be published.


*