රෝගියා වෛද්‍යවරයා ගෙන් වෙලාවක් ගැනීමට දෙන දුරකථන ඇමතුමටත් මුදල් අයකරන පුද්ගලික රෝහල් මාෆියාව.

Incoming call එකට රු 70/= ක් අයකරන Hemas Hospital.

ලැබෙන ඇමතුම් වලට මුදල් වැයවුනේ බොහෝ කාලෙකට පෙරය. දැන් අපට ඒ ගැන මතකයක්වත් නැත.

එහෙත් නැවත මට මේ මතකය අලුත් කරවුයේ Hemas Hospital එකෙන් වෛද්‍යවරයෙකු චැනල් කල බිල්පතෙනි. මෙහි telephone bookings charges ලෙස රු 70/= ක ගාස්තුවක් අයකර ඇත. වෛද්‍යවරයා චැනල් කිරීමට දුරකථන ඇමතුම ලබාදුන්නේ මාය. ඒ සදහා ගාස්තුවක් වැය වෙන්නේ මටය. රෝහලට දුරකථන ඇමතුමක් ලබාදී වෛද්‍යවරයා චැනල් කිරීමට කටයුතු කරන අවස්ථාවේදී ඔවුන් මෙවැනි ගාස්තුවක් ගැන මා දැනුවත් කලේද නැත.

වෛද්‍යවරයාගේ ගාස්තුව රු 1000/= කි. වැට් රු150/= කි. රෝහලේ ගාස්තුව ලෙස ඔවුන් රු 600/= ක් අයකර ඇත. මම ලබාදුන් දුරකථන ඇමතුමට රු 70/= ක් අයකර තිබුනේ මීට අමතරවය. මේ අපභ්‍රංශ අයකිරීම ගැන දැනගැනීමට මම හේමාස් රෝහල වෙත ඇමතුමක් ගත්තෙමි.

ඉලක්කම් කීපයක් ඔබා ඔවුන්ගේ වෙළද දැන්වීම් කීපයකට ද මම මුදල් වැයකර සවන් දුන් පසු මට ඔවුන්ව සම්බන්ධ කරගැනීමට අවස්ථාව ලැබුනි.

“ටෙලිෆෝන් එකෙන් අපි ඩොක්ටර් කෙනෙක් චැනල් කරාම ඔයාල ටෙලිෆෝන් චාර්ජස් කියලා රු70/= ක් ගන්නේ ඇයි…? මගේ පැනය ඇයට යොමු කලෙමි .

“ආ සර් ටෙලිෆෝන් එකෙන් බුකින් එකක් දැම්මම එහෙම ගාස්තුවක් ගන්නවා සර්..”

“ඉතිං ෆෝන් චාර්ජස් ගියේ මටනේ…, දැන් incoming වලට චාර්ජ වෙන්නේ නෑ නේ…?”

“ඒ වුනාට අපට කියලා තියෙන්නේ එහෙම තමයි සර්…” ඉන්න සර් මම අදාල තැනට යොමු කරන්නම්…”

ඇය වෙනත් ස්ථානයකට ඇමතුම යොමු කලාය. මගේ ප්‍රශ්න කිරීමට නිවැරදි පිලිතුරක් සැපයීමට නොහැකිව ඇය අසරණ වුවා සේය.

තවත් තැනත්තෙක් දුරකථනට සම්බන්ධ විය. ඔහුගෙන් ද මේ අපභ්‍රංශ අයකිරීම ගැන විමසුවෙමි.

“ සර් එහෙම මුදලක් අයකරන්නේ ටෙලිෆෝන් බුකින් වලට, අපි මෙහේ මැෂින් එකක් ඒ වෙනුවෙන් maintain කරන නිසා …”

ලැබුන පිලිතුර මට තවත් ගැටලු රාශියක් මතුකලේය.

“ ඒක ඉතිං ඔයාලගේ වැඩක් නේ… ඊළඟ දවසේ ඔතන ඉන්න සෙක්‍යුරිටිගේ ඉදන් ස්ටාෆ් එකට පඩි ගෙවන්නත් ඕන කියලා අපෙන් අය කරයිනේ…. ? ඔයාල අපිව හොස්පිට්ල් එකට ගෙන්ව ගන්න මිලියන ගනන් වියදම් කරලා වෙළද දැන්වීම් දානව.. එහෙම දාල හොස්පිටල් එකට එන ලෙඩ්ඩුගෙන් මේ වගේ ගනන් අයකරන එක සදාචාරාත්මක නෑ නේ ද…? අනික ඔයාලා ඊළගට අපිට මේ දෙන බිල print කරන printer එකටත් වෙනම ගානක් අය කරන්න ගනීනේ…. “

“සර් මේක අපි suggestion එකක් විදියට board එකට දාන්නම් … මට සර්ගෙ phone no එකයි විස්තර ටිකයි දෙන්න … මම සර්ට ආපහු call කරන්නම් …”

මගේ දෝෂාරෝපණයෙන් අපහසුතාවට පත්වු නිලධාරියා මට එලෙස පිළිතුරු සැපයීය.

කෙනෙකු අසනීපව රෝහලකට පියමං කරන්නේ අසරණවය. එවැනි අසරණ තත්ත්වයකට පත් වු රෝගීන්ගෙන් මෙවැනි අසාධාරණ ගාස්තු අයකිරිමත්, වැට් බඳු අයකිරීමත්, සදාචාරාත්මක නොවු සුරාකෑම් බව මගේ මතයයි.

රටේ සල්ලිකාර ඇති හැකි කොටසක් ජනතාව නින්දිත ආකාරයට සුරාකද්දී ආණ්ඩුවේ මැති ඇමැත්තෝ උන්ගේ ඔඩොක්කුවේ. ජාතියම මහා කේදනීය විනාශයකට පත්ව මනුෂශත්වය ,ගුණයහපත් කම් ,වැඩිහිටි ,ගැහැණු, පිරිමි මේ අපේම රටට ආවේන්ක සියල්ලම මුදලට යට කොට මරණාසන්න ලෙඩාගෙන් පණයෑමට මත්තෙන් කීයක් හෝ කඩාගැනීමේ ඉතාම මිලේච්චත්වයට ශ්‍රි ලාංකිකයන් මේ වන විට කෙමෙන් කෙමෙන් පත්වෙමින් ඇත.

මේයට ඉතාම ආසන්නම සිදුවීම මුහුණු පොතේ මාගේ මිතුරෙක් ඔහුට සිදුවු සිදුවීම පිලිබදව අපිද දැඩි අවදානය යොමු කලවිට එම සිද්ධිය සමස්ථ රට තුලම පුද්ගලික රෝහල් වලින්ජන්තවට කොලේ වසා හුරාකෑමක බවට අනාවරණය විය.

කතෘ සටහන….:

අපිඔබට දැනුම දෙන්නේ ඔබත් කුමන හෝ පුද්ගලික රෝහලකට දුරකථන ඇමතීමක් ලබාදි

ඔබේ වෛද්‍යවරයා වෙන් කරගත් පසුව ඔබට ලැබෙන රිසිට්පතට ඔවුන් දුරකථන ගාස්තුවක් එක්කර ඇද්දැයි බලා වහාම එම ගාස්තුව ඉවත් කර ගැනීමට කටයුතු කරගන්න .

 

(මා මිත්‍ර ප්‍රදීප් ද සිල්වා මහතාට ලංකා දවසේ ස්තුතිය. )

Image may contain: 2 people, people smiling, text
No automatic alt text available.
LikeShow More Reactions

Comment

Be the first to comment on "රෝගියා වෛද්‍යවරයා ගෙන් වෙලාවක් ගැනීමට දෙන දුරකථන ඇමතුමටත් මුදල් අයකරන පුද්ගලික රෝහල් මාෆියාව."

Leave a comment

Your email address will not be published.


*