පාලකයෝ මරනින්දේ … අංක එකේ අපරාධ පුහුණු පාසැල වැලිකඩ සිරගෙදර.

පාලකයන් ගේ බොහොදරුවන් ජිවත් වන්නේ ලෝකයේ වෙනත් රටවලය ඒත් අපේ රටේ අහිංසක දරුවන්ට රටක් තිබුණත්, ඒ රටේ අපරාධකරුවන්ගේ හාකුඩුකාරය ගේ පාරාදීසයක් නම් අනාගතේ ශ්‍රි ලංකාව්ට හිමිවීමට තිබෙන තැන ගැන සිතා දැන්වත් ජනතාව අවදිව මීට එරෙහිව පාලකයන් පෙලබවීමට පෙරට ආයුතුය.

 

ලෝකයට මෙය අමුතු දෙයක් උවත් ශ්‍රි ලංකාවට මෙය අමුත්තක් නොවේ. ඒ මන්දයත් රටේ ජනාධිපති ගේ සිටම අන්තිම බාලම ළ දරුවා දක්වාම වැලිකඩ සිරගෙදර තත්වය දන්නා නිසාය.

ඒත් ඔබ මවිතවන්නේ මේ සිරගෙදරට යන පුද්ගලයන්ගෙන් 92% ක්ම නැවතත් සමාජ ගත්වන්නේ ප්‍රධාන පෙලේ අපරාධ කරුවන් ගේ කණ්ඩායමකට බැදීය.

සිරගෙදර තුල නිතිවිරෝධි යමක් තිබේදැයි ඇසු ප්‍රශ්නයට පෙරලා ඔහු මාගෙන් ඇසුවේ සිරගෙදර තුල නැත්තේ මොනවාද ? කියාය . ලෝකයේ මිල අධිකම සිගර්ට්ටුවේ සිට මිල අධිකම මත්කුඩු පැකට්ටුව දක්වාම ඹ්නෑම දෙයක් ඇත් බවයි.

ලෝකයේ රටවල් වල අපරාධයකට දඩුවම් ලබන පුද්ගලයා ඒදඩුවම ගෙවා මානසිකව නැවත් සමාජ ගතවන්නේ ත්වත් දවසක අපරාධකරුවකු නොවන බවට රජය සහතික වීමෙන් පසුවය. ඒ රටවල්ය .

ඒත් ලංකාවේ දිනපතාම අපරාධ වැඩිවන්නේ වැලිකඩ මේ සිරගෙදර අපරාධකරුවන් පුහුණු කරන රටේ ප්‍රධාන දේශපාලකයන් ගේද නොමද සහායෙන් එය පවත්වා ගෙන යාම නිසාමය.

වැලිකඩ සිර ගෙදර තත්වය වෙනස් නොවුනොත් වසර 5 ක් තුල දැනට තිබෙන් අපරාධ මෙන් දහගුනයක් ඩැඩිවන බව නම් කිව හැකිය.

මේ සිරගෙදර තුලට ප්‍රධානම මත් කුඩු සපයන්නන් ජේලර් නිලයේ සිට පහල බන්ධනාගාර නියාමක නියාමක වරිය දක්වාම නොමදව සිදුවේ .

ඒත් වැලිකඩ සිරගෙදර මේ කාලකන්නි වැඩේට අකමැති අවංක නිලධාරින නැතුවාම නොවේ.

ඒත් ඒ අයත් අන්තිමම අසරනව ඇත්තේ අපරාධකරුවන් හා ඊට සම්බන්ඪහ නිලධාරීන් ඉතා බලවත් නිසාමය. ඒ බලවත් බව කොතෙක්දැයි කිවහොත් එවනි අපරාධ කරුවන් ගැන සෝදිසියෙන් සිටීමම තමාගේ ලැබිය යුතු උසස් වීම අහිමිකර ගැනීමට හා අවසානයේ තම ජීවිත යෙන් පවා වන්දි ගෙවිය හැකි බවකි.

ඊට හොදම සිදුවීම නිලධාරියකු ගේ විසිල් එක තුල තිබු කුඩු ඇල්ලු බන්ධනාගාර ප්‍රධාන් ජේලර් වරයා නිවසට යන් විට බස් රථය තුලදීම වෙඩි තබා ජේලර් තෙන්නකෝන් මරා දැමීමයි.

රටේ නමගිය අපරාධ කරුවන් ලංකාවේ ප්‍රධාන පෙලේ නිතිඥයන්ට  කෝටි ගනන් සල්ලි ගෙවා වසර ගන්නාවක්ම රිමාන්ඩ් බනධනාගාරය තුලට වී තමාගේ පාතාල අපරාධ මෙහෙය වමින් හා තම කණ්ඩායමට අලුතෙන් කට්ටිය හොදින් හෝ නරකින් බදවා ගනිමින් ජිවත් වේ.

ජාතියේම අවාසනාවට මේවා කාලකන්නි පාලකයන් නොදන්නවා නොවේ . ඒත් ඔවුන් කිසිවෙක් මේ වැලිකඩ සිරගෙදර මාපියාවට විරැද්ධ නොවේ.

මෙම සිරගෙදර සිටින අපරාධ කරුවන්ට රාත්‍රි සමාජශාලා වලට යාමට හා තමාට තමාගේ නිලධාරින්ට ඹ්නැම විදේශ මත්පැන් , ගනිකාවන් පවා හා එලියට ගොස් රැගෙන ඒම සාමාන්‍ය දෙයකි.

වැලිකඩ සිට මෙහෙයවන අප්‍රාධ ගැන් කිසිම පාලකයෙක් ඇස් ඇර නොබලන්නේ කාලකන්නි දේශපාලකයන්ද සිරකරුවන් ලවාවිවිධ අපරාධයන් ඉටු කරගන්නා නිසාම විය යුතුය.

වෙලේසුදා , මදුෂ , ගිංගා, කුක්කුණා 8 ඇලේ සුදා වැන්නවුන්ගෙන් බන්ධනාගාරයේ ඉහලම කොමසාරිස් ගේ පටන් පහලම ගාඩ් දක්වාම ගෙවල් හදාගැනීමට යාන වාහන් ගැනීමට, බිරිදෑවරුන්ට රත්ං ගැනීමට යන මේ එකී නොකී හැම දෙයක් වෙනුවෙන්ම අපරාධකරුවන් ගෙන් යැපී ඇත.

පාලකයන් ගේ බොහොදරුවන් ජිවත් වන්නේ ලෝකයේ වෙනත් රටවලය ඒත් අපේ රටේ අහිංසක දරුවන්ට රටක් තිබුණත් ඒ රටේ අපරාධකරුවන්ගේ හාකුඩුකාරය ගේ පාරාදීසයක් නම් අනාගතේ ශ්‍රි ලංකාව්ට හිමිවීමට තිබෙන තැන ගැන සිතා දැන්වත් ජනතාව අවදිව මීට එරෙහිව පාලකයන් පෙලබවීමට පෙරට ආයුතුය.

එසේ නොවුනහොත් ඔබේ දරුවාත් මුන් ගේ ගොදුරක් වීමට වැඩිකල් ගත් නොවනු ඇත..

 

(සමාජ යහපත උදෙසා අපගේ මීළඝ ලිපියෙන් සිරකරුවන්ට යටවී මුදල් හොයන දුෂිත නිලධාරීන් ගේ නම්සහිතව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.)

Be the first to comment on "පාලකයෝ මරනින්දේ … අංක එකේ අපරාධ පුහුණු පාසැල වැලිකඩ සිරගෙදර."

Leave a comment

Your email address will not be published.


*