බුකියේ ක්‍රිකට් හා පිටියේ ක්‍රිකට්………..

තිලංගසුමතිපාල යනු කොළඹ ප්‍රධාන පෙලේ බුකි කරුවෙකි . බුකිකරුවකුට ක්‍රිකට් භාරදිතිබෙන ඔල්මොරන්දන් පාලකයන් සිටින රටක් මේක .

 

කාලයකට පෙර ලංකාව ගැන කතාකරපු පිටරැටියන් කිවේ ක්‍රිකට් තියෙන්නේ ලංකාවේ කියාය. ඇතටම ක්‍රිකට් අපේ නෙමේ ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් අපිට අරගෙන ඒ ක්‍රිකට තුලින් ලංකාමාතාව ලෝකයේම අවධානයට නතු කිරීමට මහත් කැපවීමක් කල මහත්මා දේශපාලකයකු වු දිවන්ගත ගාමිණී දිසානායක මැතිතුමාය.

එතුමා නොහිටින්නට ලංකාවට තාම ක්‍රිකට නැතිය.
ඒ වාගේම ලෝකයාගේ ඇස් ඇරෙව්වේ ලෝක කුසලානය ලංකාවට දිනා දිමෙන්ය .

ඒ එදා පිටියේ ක්‍රිකට ගැසු මහතමයකු ලෙසට අදටත් ඒ ගෞරවය රකින අර්ජුන රණතුංගයන්ය. ඇත්තටම අර්ජුන ක්‍රිකට ගැසුවේ පිටියේය ඒ නිසාම ලෝකකුසලානය ලංකාවට දිනාදීම ඔහුගේ නායකත්වයේ මනා කැපී පෙනුන අපමන කැපකිරීමකි.

ඒත් අර්ජුන දැන් දේශපාලකයකි ලංකාවේ ඉන්න දුට්ටු දෙකේ පට්ට හොරුන්ට වඩා මහත්මාදේශපාලනයේ නියලෙන අර්ජුන ක්‍රිකට් භාර නොගන්නේ ඇයි …?

මෙතනයි ප්‍රශ්නය ඇත්තේ අරජුන පිටියේ ගහපු ක්‍රිකට දැන්ගහන්නේ බුකියේය.

බුකිකරුවා ගේ වැඩේ රටේ ක්‍රිඩාවට හෙනගැහුවත් සල්ලි කොල්ලකෑමය දැන් ක්‍රිකට් ගැහිල්ල කෙසේ වෙතත් බුකිකාරයාගේ කල්ල මරේය.

තිලංගසුමතිපාල යනු කොළඹ ප්‍රධාන පෙලේ බුකි කරුවෙකි . බුකිකරුවකුට ක්‍රිකට් භාරදිතිබෙන ඔල්මොරන්දන් පාලකයන් සිටින රටක් මේක .

පසුගිය කාලයේම නාමල්ලාගේ , බිබීලාගේ ගත සුව පිනිසම කැපවී සිටි තිලංක බුකියත් ක්‍රිකටුත් ජයටම කරගෙන ගොස් ලංකාවේ ක්‍රිකට බුදිකෙරෙව්වේය. ඒ තිලංක ක්‍රිකට සභාපති පුටුවේ රැදෙමිනි .

තිලංක වනාහි බුකිකරුවකු මිස ක්‍රිකට් ක්‍රිඩකයකු නොවන බව රටටත් ලෝකයාටත් ඔනවාටත් වඩා ඔප්පුකර හමාරය.

එදා නාමල්ලට සුරූපිනියන් සපයමින් බුකියේ ක්‍රිකට් ගැසු තිලංකට වැඩ වැරදුනේ යහපාලනය පෙරට ඒමත් එක්කය.

යහපාලනයේ ප්‍රධාන පෙර ගමන් කරුවෙකු වන අර්ජුන රණතුංග එදා ඉදන්ම කිවේ        ” අපේ කොල්ලෝ දක්ෂයි අපි අපේ ආණ්ඩුවකින් නැවතත් ලෝක කුසලානය ලංකාවට ගේනවා …”……………… කියාය.

පිටියේ ක්‍රිකට ගහන්න දැනගත්තාට අර්ජුන කිසිදවසක බුකියේ ක්‍රිකට් ගහන්න දැන නොසිටි නිසාම යහපාලන රෙද්ද අස්සට ආයෙත් බුකිකරුවා රිංගුවාය.

ඒ ඔහුට පිටියේ ක්‍රිකට් වලට කෙලවුනත් බුකියේ ක්‍රිකට් වලට කෙලවෙනවාට අකමැති නිසාමය.

මෛත්‍රි ජනාධිපති තරන් පාරේ යන නයි රෙද්ද අසසේ දාගන්න උපන් රුසියෙක් මිහිපිටනම් නැතුවාය. මෛත්‍රි ගේ රෙද්ද අස්සට රිංගාගත් තිලංක නියම නිලයත් අල්ලා ගත්තාය. ඒ ව්‍යාපාරික දියණිය චතුරිකාය.

නාමල්ලට ,ච්ටීලට වියදම් කරපු සල්ල මෙන් තුන්ගුණයක් දැන් වියදම් කරන්නේ චතුරිකාටය.

මෙන්න මේ නිසාමයි රටේ ක්‍රිකට් ලෝකෙට ගෙනියාහැකි පිටියේ ක්‍රිකට් ගහපු වචනේ පරිසමාරථයෙන්ම කටපුරාම   “මහත්මයෙක් ” කියා කිවහැකි අර්ජුනට ක්‍රිකට ළඟටවත් ඒමට තිලංක ඉඩ නොතබන්නේ.

බුකි කාරයන්ගේ ක්‍රිකට් ගැහිල්ලට දැන් තිත තැබීමට ජනතාව පෙරට පැමිණිය යුතුය

බුකිගහන තිලංකට බුකිය ගහගැනීමටත් පිටියේ ක්‍රිකට් ගැසු අර්ජුනට ක්‍රිකට භාර දීමටත් පාලකයන්ට කසේරුකාවක් නැත්තන් ජනතාව එලියට බැස බුකියේ ක්‍රිකට් ගැහිල්ල නතරකොට පිටියේ ක්‍රිකට ගැසු අර්ජුණට භාරදිම හොදින් හෝ නරකින් කලයුතු කාලය දැන් එලබ ඇත.
නැතහොත් තිලංක නැමති බුකි කරුවා ක්‍රිකට් වලදමා ඒ මත තවත් රේස් බුකියක් ගොඩනගන බව සත්සුදත්සේ පැහැදිලිය.

 

අජිත්…..

 

 

Be the first to comment on "බුකියේ ක්‍රිකට් හා පිටියේ ක්‍රිකට්……….."

Leave a comment

Your email address will not be published.


*