දවසේ සිකුරාදා……..30 වසරක් යුද්ධ කරලාවත්,පාඩමක් ඉගෙන නොගෙන තවත් යුද්ධයකට පාර කපාගන්නා සිංහලයා………

ප්‍රභාකරන්ට අවශ්‍ය පිරිස් බලය දුන්නේ ඒවනවිට දේශපාලනයේ සිට්ය හා දැනටත් සිටින කාලකන්නි දේශපාලක්යන් මෙන්ම සමස්ථ ශ්‍රි ලාංකික පුර වැසියන්මය.

මේ මොහොත වනවිටත් තමාගේම රටේ ජනතාවට පහරදී මරාදමා ඒ දුක් වේදනාව පහව ගොස් නොමැත. රිය අනතුරක් මුල් කොට ගෙන ඇරබි සිද්ධිය මේවනවිට රටම ගිනි ගනා
අභියසකට පත්ව ඇත.

අපි වසර 30 යුද්ධ කලේ වෙනත් රටක් ඒක්ක නොව අපේම රටේ තවත් ජනවර්ගයක් සමගය. එදා 1983 ජුලි මාසයේ ඒ අහිංසක දෙමල ජනතාවට පහර නොදී ඔවුන් සිංහලයන් විසින් දිනාගත්තානම් ලංකාවේ කිසිම දවසක් ප්‍රභාකරන් කෙනෙකු බිහි නොවන බව ඒකාන්තය.

ප්‍රභාකරන්ට අවශ්‍ය පිරිස් බලය දුන්නේ ඒවනවිට දේශපාලනයේ සිට්ය හා දැනටත් සිටින කාලකන්නි දේශපාලක්යන් මෙන්ම සමස්ථ ශ්‍රි ලාංකික පුර වැසියන්මය.

දෙමළ ජනතාව ඉතාම නින්දිත හා මනුෂයන් අනුමත නොකරන ආකාරයේ ආර්ථික් ,සාමාජීය හා දේශපාලනික පීඩනයකට ලක් කොට උගත්කිසිවකුටත් කිසිම රජයේ ආයතනයකට ඇතුලුවීමට ඉඩ නොදී කොන්කලෝය. ඒවගේම දෙමළ ජනතාවගේ ජිවිත කාලයෙම හරි හම්බ කරගත් සියල්ලම කොල්ල කෑවේ සිංහලයන්ය. මව ඉදිරියේ දුවරු දුෂණය කරමින් දරුවන් ඉදිරියේ දෙමාපියන් මරා දමමින් එදා සිංහලයන් ලැබු කාලකන්නි සතුට ප්‍රභාකරන්ගේ ඊළම් යුද්ධයට ආශීර්වාදයක් විය.

අවසානයේ වසර ගනනාවකට පසුව ඉතාම වෛරයෙන් දෙමළ කොටි ත්‍රස්තයන් සිංහල අහිංසක ජනතාව මරා දැමු ආකාරය කීමට අමුතු අටුවා ටිකා උවමනා නැත. ඒ කාලකන්නිම වසර 30 ක කාලයේ නැතිවු ජිවිත, දේපල ,මෙන්ම තමන්ගෙම ජන්තාවට පහර දී රටට උරුම කරගත් ආබාධිතයන් ගනන කොපමනද කියාවත් කිසිම හැගීමක් නැති ජාතියක්.

අද ඇතිව තිබෙන නවතම මුස්ලිම් විරෝධි පහර දීම පිටිපසද සිටින්නේම දේශපාලෞවන්ය , අම්ම තාත්තා මරා හෝ තමාට බලය ලබාගැනීමේ උම්මත්තකයන් සිටින රටක කුමන නම් දියුණුවක්ද ?.

රටේ සේනාධිනායක මෛත්‍රිපාල මේ පහර දීම පිටුපස සිටිනවාදැයි දැඩි සැකයක් උපදී. ඊට ප්‍රධානම කරුණ හේතු කිපයකි. නිතිය හා සාමය ඇමති තනතුර මෙවන් මොහොතකවත් ඊට වඩාතම සුදුසු පුද්ගලයා වන ෆොන්සේකාට නොදි ජනතාවගේ ජීවිත නැතිවෙන්න ඉඩහැර වගේ වගක් නැතුව සිටීම . මෛත්‍රි ගේ ගෝලයකු වන මහනුවර ජෙ.නි.පොලිස්පති එස්. එම් වික්‍රමසිංහ නිලධාරිනට ප්‍රදේශයේ සාමය පවත්වාගැනීමට අමතර කිසිදු භට පිරිසක් ලබා නොදීම.

නුතන යේ ලෝකයේ සිටි අසාර්ථකම ජනාධිපතිවරයා භිහි කිරීමේ ගෞරවයත් ශ්‍රි ලාංකිකයන්ම දිනා ගැනීමත් එක්තරා දෛයෝප ගත සිදුවීමකි.

රටක රාජ්‍ය නායකයකු තබා වසමක ග්‍රාමසේවක කමක් වත් හරියමන් ආකාරයකට කරාදැයි දන්නේ පොලොන්නරුව ජනතාවමය. පොලිස් ආඥා පනතේ ඇති ආකාරයට ජනතාවගේ ජිවිතහා දේපල ආරක්ෂා කිරීමේ බලය පොලිසියට ඇති අතරම ජිවිත හා දේපල යමෙකු විනාශ කරයිනම් , ගිනි තබයිනම් එහිදි පොලිස් නිලධාරියාට වෙඩි තැබීමේ නියෝග ක්‍රියා කල හැක.

කෙසේ හෝ මේ දක්වාම අහිංසක ජිවිත් 4 ක් බිලිගෙන ඇති අතරම මේ ලියන මොහොත වන විටවත් පොලිසියට වෙඩි තැබීමේ නියොග නිකුත් කොට නැත. මේ නිසාම ඉතාම සංවිධාතමක පිරිස්ජනතාවගේ දෙපල විනාශ කරමින සිටි.

සිංහල ,දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් ශ්‍රි ලාංකික බව අවබොධ නොකර ගන්නේ කුමන හේතුවක් නිසාදැයි කීමට අපහසුය.

කොහොම උනත් මෛත්‍රි ,රනිල් ආණ්ඩුව ඉතාම ඉක්මනින් තවත් ආකාරයක් යුද්ධයකට මග දෙපස එලිපෙහෙලි කර්සැකෙන් තොර පරිසර‍යැඛමින් දෙදෙනාම හොර ගල් අහුලමින් සිටී.දැන්වත් මෛත්‍රි ,රනිල් වෙලද දෙබෑයන්ගේ කයිවාරුව නතර කොට සියලු ශ්‍රි ලාංකිකයන්ට නිදහසේ ජීවත්වීමට බයෙන් සැකෙන්තොර පරිසරයක් ඇතිකල යුතුය.

අජිත්…

Be the first to comment on "දවසේ සිකුරාදා……..30 වසරක් යුද්ධ කරලාවත්,පාඩමක් ඉගෙන නොගෙන තවත් යුද්ධයකට පාර කපාගන්නා සිංහලයා………"

Leave a comment

Your email address will not be published.


*