ෆොන්සේකාට භය පොලිසිය……..

මේවන විට සමහර දේශපාලකයන් හා පොලිස්පති ප්‍රධාන පොලිසියේ ඉහලම පැලැන්තියේ නිලධාරින් ඉතාම භය බිරාන්තව සිටින් බව නොරහසකි. ඒ ෆීල්මාෂල් ෆොන්සේකා නිතිය හා සාමය ඇමති තනතුරේ දිවුරුම් දෙන වායැයි ඇතිව තිබෙන කසු කුසුව නිසාය.

ශ්‍රි ලංකාව ලෝක මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ එක් සන්ධිස්ථානය්ක් බවට මේ වන්විටත් ජාත්‍යන්තර පොලිසිය හදුනාගෙන ඇත. ඒවන් පසු බිමක රටටම මෙලෝ රහක් නැති පතෝල ඇමතියෙක් පත්කොට පොලිසිය ඩීල් කාරයන්ගේ, නිලමේලාගේ රජ දහනක් කල බව රටේ ජනතාව දනී.

ලංකාවේ සිටින අති දක්ෂ අපරාධ විමර්ෂකයන් පැත්තකට වී වෙනදෙයක් බලාගෙන ඉන්නේ කාලකන්නි දේශපාලකයන් ගේ හා කුඩු කාරයන් , පාතාල කරුවන් සමග ඩීල් දාගන්නා උන්ගෙන් ජීවත් වෙන සමහර පොලිස්පතිවරු හාඋසස් පොලිස් නිලධාරින් ගේ කෙරුවාවන් නිසා අවංක නිලධාරින් ගේ ජීවිත අවධානමකට පවා ලක්ව ඇත.

ඒවන් පසුබිමක පොලිස්පති පුජිත කල යුත්තේ ජනාධිපති වෙත්ට ගොස් “අයියෝ අපි ඉවරයි ෆොන්සේකට නම් පොලිසිය දෙන්න එපා කීම නොව ” පොලිසිය භාර ඇමති කමට ෆොන්සේකාවැනි නිර්භීත් , දේශපාලකයාට නිතිය නොනමන මහත්මයකු ට ඒවනි ඇමති කමක් දී පොලිසිය වැටී ඇති නරකාදියෙන් ගොඩ දාගැනීමට ෆොන්සේකාගේ උදව් ගැනීමයි.

එකක් නම් කිව හැක ලංකාවේ ඉන්න කිසිම දේශපාලුවෙක් නම් කිසිදාක වත්ම අපෙක්ෂා නොකරන එකම දේ තමා රටේ නිතිය සියල්ල්න්ටම එක හා සමාන විය යුතු බව.

බලයට නිතිය යටවිය යුතු බව ඔවුන්ගේ උවමනාවයි. එත් ෆොන්සේකා වැන්නකුගෙන් කිසිදාක එවැන්නක් සිතිය නොහැකිබව ඔවුන් දන්න නිසාම පුජිතලාව ඉස්සරහට දමාගෙන මෛත්‍රි මේ වැඩේට මුළු මනින්ම අකුල් හෙලන බව රට වැසියා නම් දනී.

Be the first to comment on "ෆොන්සේකාට භය පොලිසිය…….."

Leave a comment

Your email address will not be published.


*