නීතිය හා සාමය රටතුල ඇති කිරීමට දේශපාලන නායකයන්ට අවංක උවමනාවක් තිබෙනවා නම් ෆීල්මාෂල් ෆොන්සේකාට නිතිය හා සාමය අමාත්‍යංශය භාර දෙන්න.

මෛත්‍රි දවල් මිගෙල් රෑ දැනියල් රඟපාන් බව දැන් මුළු ලෝකයම දන්නා කරුනකි. මෛත්‍රිපාලගේ තුබු කුහකත්වයේ හා බල ලෝභිත්වයේ තරම පසු ගිය කාලය පුරාවටම දුටු ජනතාව විටක මෛත්‍රි ජාතිය අමතන්න සුදානම් උවත් ඒ වනවිටත් ජාතිය මෛත්‍රි වත් මෛත්‍රි ගේ අම්මා තාත්තත් ඇමතීමට පටන් ගත් නිසාදෝ ඒක නොදනීම කල් දමා ගත්තෝය.

ලංකාවේ තරන් විනය ගරුකව ජිවත්වු ජාතියක් ලෝකයේ වෙනත් රටක් නොසිටි තරම්ය. ඒ මේ වනවිට ච්කාගෝ අභිබවා යමින් තිබෙන අපරාධ හා ඒ හා බැදුන මත්ද්‍රව්‍ය ජාවරමද ලංකාවේ අහිංසක දරුවන් බිලිබාගන්නා ප්‍රධානම විනාශය බවට අමුතුවෙන් කිවයුතු නොවේ.

2015 වසරේ පොලිස් සංඛ්යා ලේකණ අනුව සෑම දිනකයම තරුණයන් 03 නෙක් මේ කාලකන්නි මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වන බව ජනතාව නොදන සිටියත් කාලකන්නි8 පාලකය ඕනෑවටත් වඩා හොදින් දනී.

නුතනයේ දේශපාලනය දුවන්නේ අපරාධකරුවන් ගේ අරක්ෂිත මහ ගෙදර පාර්ලිමේන්තුව ලෙසය.

රටකට රිය අනතුරු නිසා අහිමි වන තරුණ ජීවිත් ගැන් මුන්ට වගේ වගක් නැත කාලකන්නි දේශපාලකයන් බලයට පැමිණෙන්නේ ජනතාවට සුකිත මුදිත සුරන්ගනාලොවක් මවාපාලාය.

එදා මෙදා තුර 70 වසරක් ම මුන් රටේ සල්ලි හොරා නොකා සිටියානම් මේ වනවිට ශ්‍රි ලංකාව සිංගප්පුරුව පසුකොට ගොස් ගොඩක් කල්ය.

දැන් මෛත්‍රි ගේ ඉදිරි මාසගානට වත් කලයුතු එකම දේ රටේ පොලිසිය ජනතාවට ආදරේ කරන පොලිසියක් බිහිකොට රටේ විනයක් ඇති කිරීමයි.

වාහන බිලියන ගනන් දිනකට නගරවල් වලට එන රටවල් ලෝකයේ නැතුව නොවේ .ඒත් ලංකාවේ ප්‍රධානම ප්‍රශ්නය වාහන පදවන්නන් තුල විනයක් ,ඉවසීමක් නොමතිකමයි.

රට තුල විනයක් ඇති කිරීමටනම් විනය පාලනය කරන ආයතන තුල විනයක් අවංක කමක් ,තිබිය යුතුමය. අද නැතිතේම එයයි පොලිසිය තුල දුප්පතාට හා බලවතාට නිති දෙකකි. ඇත්තටම් මෛත්‍රිට ,රනිල්ට දැන්වත් ඉදිරි අවුරුදු දෙක තුලවත් රටේ විනය ඇතිකිරීමට ඇත්තටම උවමනාවක් තිබෙනවානම් කලයුත්තේ නිතිය හා සාමය ඇමතිකම ෆොන්සේකාට භාර දීමය.

නමුත් මුන් ඒකකුටවත් රටේ නැතිවෙන සල්ලි , ජනතාවගේ ජිවිත ගැන වගේ වගක් නැත. ඒ නිසා කිසි දවසක් එවනි ජනතාවට හිතකර නිර්භීත තින්දුවක් ගනු ඇතැයි අපි නොසිතමු.

Be the first to comment on "නීතිය හා සාමය රටතුල ඇති කිරීමට දේශපාලන නායකයන්ට අවංක උවමනාවක් තිබෙනවා නම් ෆීල්මාෂල් ෆොන්සේකාට නිතිය හා සාමය අමාත්‍යංශය භාර දෙන්න."

Leave a comment

Your email address will not be published.


*