දවසේ සිකුරාදා…………….. කෙවිටක් නොතිබුණ මෛත්‍රිට කඩුවක් දුන් ජනතාවගේ ශාපය.

රාජපක්ෂ රජය කාලයේ සිදුවු සියලුම නිතිවිරෝධි ක්‍රියාවලට මෛත්‍රි ද වග කිව යුතුය. ඒ ඔහු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා රජයේ ප්‍රභල කැබිනට් ඇමතිවරයකු ලෙසට කටයුතු කිරීම නිසාය. එක්නැලිගොඩ ප්‍රථම වතාවට පැහැරගෙන යාම ,ලසන්ත ඝාතනය,තාජුදීන් ඝාතනය වැනි ප්‍රභල මිනිමැරුම් ,කොල්ල කෑම සියල්ලම සිදු රජයක් ඒ පක්ෂයේ මහලේකම් හා ඇමතිවරු සියල්ලම වගකිව යුතුය. ඒ සියලුම දෙනා එකම බත් පතකෑව නිසාවෙනි.

 

රාජපක්ෂ පාලන්යේදී මෛත්‍රිපාල සිරිසේන නමින් ඇමතිවරයකු කැබිනට් මංඩලය තුල සිටින බව එදා ජනතාව දැන නොසිටි තරන්ය.

ඒත් මෛත්‍රිපාල සිරිසේන නැමති ඇමතිවරයකු තම පුතාගේ කෙරුවාවකට පොලිසියට ගොස් සිටින බවනම් පුවත්පත් වල ලැවු ගින්නක් සේ පැතුරුනි. ප්‍රථම වතාවට රාජපක්ෂ ජනාධිපතිට ” ඔබ අපට මහරජෙකි …..ඔබ රජෙකි…ජනපතිතුමනි ” යනුවෙන් ප්‍රථම වතාවට මහින්දට බටර් ගා අගමැතිකමට ඉව ඇල්ලුවේ ඔය සිරිසේනමය.

නිතිය බල්ලාගේ අධෝමුකේ ගහපු රාජපක්ෂගේ අගවිනිසුරුවරිය එලවා දැමුව විමල් විරවන්ශව සමඟ තම ඇම්බැට්ටයන් ගේ ඇමති අධිකරනයක් පත්කිරීමට උන්ව නම්කලේ මෛත්‍රි,නිමල් සිරිපාල හා,ජොන් සෙනවිරත්න, නැමති මේ දැන් කතාකරන යුක්තිගරුක,නිතිගරුක ජනපතිය.

රාජපක්ෂ රජය කාලයේ සිදුවු සියලුම නිතිවිරෝධි ක්‍රියාවලට මෛත්‍රි ද වග කිව යුතුය. ඒ ඔහු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා රජයේ ප්‍රභල කැබිනට් ඇමතිවරයකු ලෙසට කටයුතු කිරීම නිසාය. එක්නැලිගොඩ ප්‍රථම වතාවට පැහැරගෙන යාම ,ලසන්ත ඝාතනය,තාජුදීන් ඝාතනය වැනි ප්‍රභල මිනිමැරුම් ,කොල්ල කෑම සියල්ලම සිදු රජයක් ඒ පක්ෂයේ මහලේකම් හා ඇමතිවරු සියල්ලම වගකිව යුතුය. ඒ සියලුම දෙනා එකම බත් පතකෑව නිසාවෙනි.

තම අගමැති සිහිනය ඉටු නොවුන තැන සිටම රාජපක්ෂලාට කෙලවීමේ නියාය මතම සිටිනිසාම කොහෙදෝයන ජනාධිපති ඔටුන්නක් සිහිනය පහල විය. ඒ හිටපු ජනපතිනි චන්ද්‍රිකා නිසාය.

යුද්ධයක් ජය ගැනීමට දේශපාලන නායකත්වයක් දීමට තරම්ම මහින්දට ඉතාම හොද පෞර්ෂත්වයක් තිබුණි. එය ලාංකිකයන් ගේ වාසනාවකි. එසේ දේශපාලන නායකත්වයක් නොතිබුණා නම් කිසි දිනයක ඒ කුරිරු යුද්ධය අවසන් නොවනු ඇත.

එත් සියල්ලම උඩු යටි වුයේ යුද්ධය දිනු රාජපක්ෂලාට රටේ ජනතාව දිනා ගත නොහැකි වු නිසාය. එහි ප්‍රතිඵලය වුයේ 2015 ජනවාරි 08 වන දින ඒ පාලනයට තිත තැබීමය.

ලංකාවේ තට්ටු මාරු දේශපාලනයේ ඊළඟ පිම්ම වුයේ යහපාලන ජනාධිපති වරයකු බලයට ගෙන ඒමය. මුළු මනින්ම එ.ජා.ප පාක්ෂිකයාගේ කර පින්නාගත් පාපය ඇත්තටම අද ශාපයක් වී හමාරය. නිති ගරුක පුර වැසියා තුල ඇතිවු මහත් බලාපොරොත්තු සියල්ලම අද වෙන විට සුනුවී හමාරය. මෛත්‍රිපාල ජනාධිපති නිකමෙක් නොහැක්කෙක් යැයි වේදිකා ගානේ ගොස් කී සියලුම පරාජිතයන් මෛත්‍රි තමාගෙ ඔඩොක්කට ගත්තේම යහපාලන ජනතාවට පහර පිට පහර ගැසීමටය.

මේ වනවිට බැදුම්කර නාටකය නිමව ඇතිබව පෙනීයයි. බැදුන්ම් කර වංචාව තුලින් රටට මුදල් අහිමි වුවා සේම ඉන් නැතිවී ගියේ ඒ.ජා.ප.යේ සායමය. මෙවනි තත්වයක් ඇතිවීමට බලපෑ හේතු හා නැවතත් එවැන්නක් නොවීමට නම් යු.ඇන්.පී.ඒක වහාම කොමිටියක් තුලින් එවනි පරික්ෂණයක් කල යුතුය.

මෙය රනිල්ගේ ගජමිතුරන්ට සැලකීමේ ප්‍රතිඵලයයි. තමාට කිසිම දවසක බලයට ඒමට බැරි තමාගේ අහිංසක පාක්ෂිකයාට පයින් ගසා තම ගජමිතුරන්ට රට කිරීමට භාර දීම නිසාය. මලික්ලා ,රවිලා ප්‍රසිද්ධ ව්‍යාපාර කිරීමටය. ඔවුන් ගේ පරමාර්ථය ලාභයයි.

රටේ ආර්ථිකය ගැන හා යම් දැක්මක් ඇතැයි සිතිය හැකි පිරිසිදු මහත්මයෙක් යු.ඇන්.පිය තුල නැතුවා නොවේ. ආචාර්ය හර්ෂ ද සිල්වා වැනි උගත් , ආර්ථික කලමනාකරනය ගැන දන්නා අයකු සිටියදී ඇමති මංඩලයටපුද්ගලයන් දමා ඇත්තේ උන්ගේ බඩේ සයිස් එකට බව මේ ගොබ්බ රැල දැක්ක ගමන් පෙනීයයි.

කෙසේ වෙතත් මෛත්‍රි නිලය අල්ලලාම ගේම ගැහුවේ යු.ඇන්.පි එකකේ ඡන්ද කඩා ගැනීමටය. එක ගලෙන් කුරුල්ලන් දෙන්නම භා ගැනීමට බැදුන්කරයට ගහන් ගමන්ම මහින්දටත් ගලක් වීසි කරේ ඒකත් හොලවා බලන්න බව දේශපාලන විචාරකයන්ට පැහැදිලිය.

කොහොමත් මෛත්‍රි යු. ඇන්.පියට ගැහීම ප්‍රාදේශිය පාක්ෂිකයාට ඇල්ලුවේම නැත. මෛත්‍රි ළඟ සිටින උඩුබුරලන බල්ලන් හැම විටම තප්පු ලන්නේම ” අපේ ජනාධිපති ” කියාය. ඒ සියලුම දෙනා මෛත්‍රිට එදා වටකර පහර පිට පහර ගැසු අයමය. මේ නිසාම මේවනවිට යු.ඇන්.පිය සමග අමනාපව සිටි සියලුම පාක්ෂිකයා ඒ පක්ෂය තුලට ගෙන්නා ගැනීමට මෛත්‍රි ගේ ක්‍රියාකලාපය බොහෝසෙයින් ඉවහල් වී ඇත.

දැන් යු.ඇන් .පී කාරයන් කියන්නේ කෙවිටක්වත් නැතිව හිටපු මෛත්‍රිට අතට කඩුව දුන්නේ අපිය, කඩුව මුහතට ගල ගෑවෙත් අපේ පිටේ තියලාය., දැන් මුවහත් බලන්න ගෙල සිදින්න යන්නේත් අපේය ඒ නිසාම ඒ කඩුව ඔහුගේ පැත්තටම හරවා අපි මුහ හත බලමු කියා පාක්ෂිකයන් දැන් එකතුවෙමින් ඇති බවනම් පෙනේ.

අජිත්…..

Be the first to comment on "දවසේ සිකුරාදා…………….. කෙවිටක් නොතිබුණ මෛත්‍රිට කඩුවක් දුන් ජනතාවගේ ශාපය."

Leave a comment

Your email address will not be published.


*