රටේ දරුවන්ට විනයානුකුල පුරවැසියකු ලෙසට ජිවිතේ ගෙනියන විදිහ “ජනාධිපති තාත්තා ” හෙලුවෙන් හිටගෙන ආදර්ශයක් දෙයි

යහපාලන පෙර ගමන් කරුවන් මේ වනවිට සොයා ගැනීමට නොහැකි තැන්වල සැගවිලාය.
ඒ අන් කවරක් වත් නිසා නොව තමන් මුලික කොට ගෙන, පැවති පාලනය පෙරලා දමා ජනතාවට යහපතක් ,රටට , අනාගත පරපුරට යහපත් අනාගතයක් උරුම කරදීමට කියා අනිකුත් පක්ෂ සමග එක්ව බලයට ගෙනා ගමේ ගොඩේ, වැල් ඉපනැල්ලේ කරක් ගහපු අමුඩ ලේන්සුව ඇදන් කුඹුරට බැහැපු,ගම රාළ කෙනෙකු රටේ ජනාධිපති කල කරුමයටයි.

එහෙම හිතලා පත කර ගත්ත කෙනා ජනාධිපති වෙච්ච දවසේ ඉදන් කරන්නේම මහින්ද රටට කරපු විනාශය වගේ තුන් හත ර ගුණයක අපරාධ යන්ය.

ජනතාව තම ස්වාධිපත්ත්‍ය පාවිච්චි කරමින් සමහර පුද්ගලයන් ඡන්දෙන් පරාද කර එලවා දැමුවාය. ඒ උන් තවත් ජනතාව ගේ සාරය උරා බී උන් තර උන නිසාවෙනි. එහෙම කරලා මුල ඉදන් රට හදන්න අපේ ජනාධිපති පටන් ගනි කියාය. ජනතාව පයින් හසා එලවා දැමු හොරු ,දුෂිතයෝ, හා වටිනා ගුරුවරු දන ගස්සවා අවමන් කක පාහරයන් හොය හොයා ගෙන්නා ගෙන උන්ව තමන්ගේ අප්පොච්චාගේ උරුමෙන් ආවායැයි හිතන් ඉන්න මංත්‍රි පට්ටම් දී මෛත්‍රි උන්ව තමාගේ ඔඩොක්කේ දමා ගත්තාය.
එදා ජනතාවගෙන් එක හෙලා පැමිණි දැඩි විරෝධය හමුවේ ගුරුවරයාව දණගැසු පාහරයා මංත්‍රි දුර යෙන් එලවා දැමුවා පමණක් නොව ඔහුව අධිකරණයටත් ඉදිරි පත් කිරීමට සිදු විය.
ආනන්ද සරත් කුමාරව ගෙන්නා ඔහුට නැවත සංවිධායක කමක් දීමට ජනාධිපති මෛත්‍රි තිරණය කලෝය. අනාගතයේ බිහිවන දරුවනටත් ඔන්න පුතේ උබලත් ඔහොම ගුරුවරු දණ ගැස්සුවොත් රටේ නායකයා ගෙන් ලැබෙන ගරු නම්බු නාම ගරු සැලකිලි කියා යහපත් ආදර්ශයක් දුන්නේ ජනාධිපති මෛත්‍රි හෙලුවෙන් ගිට ගෙනදැයි අපට අහන්න සිදු වේ
“අපේ තාත්තා හෙලුවෙන් ” පොතක් ලියා චතුරිකාට තවත් වටයකින් රටේ ආදර්ශමත් තාත්තා පිම්බීමට පහසුව තකා මෛත්‍රි මෙවනි දේවල් කරනවා දෝයි සැකයකුත් ජනතාව තුල නැත්තේම නැත.
දැන් සමස්ථ ජාතියම මෛත්‍රි මීළඟට සිටිය යුතු තැන තීරණය කොට හමාරයි. අඩුම තරමින් තාත්තා පාසැල් නොගියත් චතුරිකාලා පාසැල් ගිය බව දැන් අපි දන්නා නිසා තමන්ට අකුරු කියා දුන්ගුරුවරයකුට නුගත් දේශපාලකයෙකු විසින් දඩුවම් දෙනවානම් ඔහුට තම ජනාධිපති පියාට කියාපලාතේ මංත්‍රි ආසනයක් ලබාදෙනවාද යන්න අපට තවත් ඇති ප්‍රශ්ණයකි.

Be the first to comment on "රටේ දරුවන්ට විනයානුකුල පුරවැසියකු ලෙසට ජිවිතේ ගෙනියන විදිහ “ජනාධිපති තාත්තා ” හෙලුවෙන් හිටගෙන ආදර්ශයක් දෙයි"

Leave a comment

Your email address will not be published.


*